ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 450ක් | Page 2 | සිළුමිණ

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 450ක්

ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසාන මොහොතේදී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සමත් විය.

මුදල් අමාත­්‍යාංශ නිලධාරීන්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කළ අදාළ ලේඛනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ඉදිරිපත් කළ අතර එය ලෝක බැංකු නිලධාරීන් විසින් පිළිගෙන ඇත.

රජය විසින් සකස් කරන ලද ‌ෙත්‍රෙයි පාර්ශ්වික වැඩසටහන ලෝක බැංකුව වෙත ඉදිරිපත් කළත් එය අනුමත කර ගැනීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කිරීමට සාගල රත්නායක ඇතුළු නිලධාරීන්ට සිදුවිය.

Comments