රැඳවියන් 440කට නිදහස | Page 3 | සිළුමිණ

රැඳවියන් 440කට නිදහස

බන්ධනාගාර රැඳවියන් 440 දෙනකු පොසොන් පොහොය නිමිත්තෙන් නිදහස් කිරීමට කටයුතු කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායන සිළුමිණට කීය. ඒ අතුරෙන් කාන්තා රැඳවියන් 6 දෙනකුද සිටින බව ඔහු පැවසුවේය. ජනාධිපතිවරයා විසින් පොසොන් පොහොයට සමගාමීව රැඳවියන්ට එම සමාව ලබා දීමට කටයුතු කර ඇත.

ඒ අනුව දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය එලෙස අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එසේම පොසොන් පොහෝ දින වන විට බන්ධනාගාරයේ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14ක සමාවක්ද ලබාදීමට නියමිතය. වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර පොහෝ දිනය වන විට දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ටද මෙලෙස සමාව හිමි වනු ඇත.

කෙසේ වුවත් මත්කුඩු සම්බන්ධ හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූවන්ට සමාවක් හිමි නොවනු ඇත.

Comments