ධර්ම මාර්ගයේම යමින් දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබමු | Page 3 | සිළුමිණ

ධර්ම මාර්ගයේම යමින් දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබමු

ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබූ, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කර ගත යුතු බව පොසොන් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පවසා සිටී.

එම පණිවුඩයේ මෙසේද දැක්වේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිතය. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝය.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ එම ජීවන මඟ ඔස්සේය.

විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මඟ පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය.

Comments