
රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කළ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය. වසර 3 ක කාලයක සිට කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවා අවසන් කිරීමට හැකිවූ බව කොළඹ දී පැවැති විද්වත් කතිකාවක දී රත්නායක මහතා කීය. ඒ අනුව හමුදාවට ආහාර සැපයීම් කළ අයටත් මහා මාර්ග ඉදි කළ කොන්ත්‍රාත්කරුවන්ටත් මුදල් ගෙවා අවසන් කිරීමට මේ අනුව හැකියාව ලැබී ඇත.
විශ්‍රාම ගිය රජයේ සමාගම්වල නිලධාරීන් වෙත වසර කිහිපයකින් පාරිතෝෂික ගෙවා නොතිබූ අතර ඊට අවශ්‍ය සියලු මුදල් ද මේ වන විට රජය විසින් නිදහස් කොට තිබේ.