
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
නව මිල ගණන් පසුව ප්‍රකාශ කිරීමට නියමිතය.
වෙළෙඳපොළේ මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,638කි.