ඇත්තටම අඩු වුණේ ඩොලර් එක විතරයි | Page 2 | සිළුමිණ

ඇත්තටම අඩු වුණේ ඩොලර් එක විතරයි

විශාල බදු ගහලා සහන කපලා ඒ අය ආණ්ඩුවක් ලෙස ගෙවුම් ශේෂය තුළනය කරමින් සිටින්නේ ජනතාව බඩගින්නේ තියලයි. දරාගන්න බැරි තරම් බදු පනවල සහන කප්පාදු කරලා අධ්‍යාපනය සෞඛ්‍ය ආර්ථික සියලු ක්ෂේත්‍ර වැටෙන්න ඇරලා සියලු ක්ෂේත්‍ර කඩා වැටිලා ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට ප්‍රකාශ කළේය.

ජවිපෙ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීය ඩොලරය රුපියල් 400ට ගිය කාලයේ බඩු මේ තරම් ගණන් ගිහිල්ලා නැහැ. ආණ්ඩුව රුපියල ශක්තිමත් වෙලා; කිවුවාට ඇත්තටම මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කාලයේ අඩු වුණේ ඩොලර් මිල විතරයි. ජීවිත කාලයේම මිනිසුන්ට සිහින ලෝක මවලා පෙන්නුවාට රට පුරාම මිනිස්සු බඩගින්නේ. තමන් සන්තකයේ තියෙන ඔක්කෝම විකුණලා දාලා දැන් මිනිසුන්ට ජීවත් වෙන්නවත් විදිහක් නැහැ.

Comments