සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - විදෙස් ගමන් යෙදෙයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායක වේ. පුණ්‍ය සිතුවිලි පල දරන විදෙස් ගමන් සඵල වන සතියකි. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වැඩි දියුණු වීමෙන් විභාග ජයග්‍රහණ ලබයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. සතිය අවසානයේ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ඒ ගැන කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. අපල අවම වීමට ලේ දන් දෙන්න. හදිසි අනතුරුවලට ලක් වූවනට උපකාර කරන්න.

සුබ අංක 6, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා

 

වෘෂභ - ධන ලාභ

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක කරුණක් අසන්නට ඉඩ ඇත. ඉන්පසුව රැකියා, ව්‍යාපාර අංශවලින් සහ වෙනත් මිල මුදල් ලැබීමේ භාග්‍ය ද පවතී. දරුවන්ට සාර්ථකව විභාගවලට මුහුණ දීමට හැකියාව ලැබේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. පුණ්‍ය සිතුවිලි පල දරයි. අපල අවම වීමට සුදු හඳුන් සුවඳ හඳුන්කූරු සාම්බ්‍රානි ආදිය සැදැහැවතුන්ට පරිත්‍යාග කරන්න. ඔබ ද බෝධිය අවට පිරිසිදු කර සුවඳවත් කරන්න. වර්ණවත් මල් පුදන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

මිථුන - පුණ්‍ය කටයුතුවල නියැලෙයි

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් මෙන්ම සමාජ සබඳතා ද වැඩි දියුණුවෙයි. නව මිතුරු ඇසුරක් දක්නට ලැබෙයි. පෙර පින අනුව සියලු බලාපොරොත්තු ඉටු විය හැකි සතියකි. රැකියා සඳහා වැඩියෙන් ඇවිදීමට සිදුවෙයි. ගෙදරදොර වැඩ කටයුතුවලදී අලංකාරයට මුල් තැනක් දී කටයුතු කරයි. අපල අවම කර ගැනීමට අගහිඟතා ඇති අසරණ දරුවෙකුට පාසැල් උපකරණයක් පොතක් පතක් පරිත්‍යාග කරන්න.

සුබ අංක 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

කටක - අභියෝග ජයගනී

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. සමාජීය කටයුතුවලදී මුල් තැනක් හිමිවේ. පුණ්‍ය කටයුතුවලට ද නිරායාසයෙන් යොමුවේ. උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවනට දැනුම වර්ධනය වන ග්‍රහබල ශක්තීන් පවතින අතර විභාගවලට නොබියව ඉදිරිපත්වී ජයග්‍රහණ ලබයි. රැකියා, ව්‍යාපාර අතින් සුබ පල හිමිවෙන බවක් දක්නට ඇත. අපල උපද්‍රව, අසනීප මතුවීමට ඇති ඉඩකඩ වැඩිය. අපල අවම කර ගැනීමට පත්තිනි දේවි මෑණියන්ට පිං දෙන්න.

සුබ අංක 6, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා

 

සිංහ - රැකියා ව්‍යාපාර ලාභ‍

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හොඳින් කරගෙන යාමට දැනුම ශක්තිය ගොඩනැඟෙන යුග දිවිය සමගියෙන් පවත්වා ගෙන යා හැකි සතියකි. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ලැබෙන සහ විදෙස් ගමන්, වන්දනා චාරිකා ආදියට ඉඩ ඇත. සතුරු කරදර, අසනීප, අපල තත්ත්වයන් ද පැන නැඟිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත්වේ. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක 4, 6, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාද,

 

කන්‍යා - පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදර දොර පිරිසිදු කිරීමට පදිංචි ස්ථානයේ දියුණුවට වැඩි කාලයක් යොමු කරයි. දරුවන්ගේ දියුණුව, රැකියා ව්‍යාපාර දියුණුව සහ සාමාජීය සබඳතා මත නව මිතුරු ඇසුරකට ද අවතීර්ණ විය හැකි සතියකි. අසනීප සතුරු කරදර පැමිණිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ප්‍රමාද වූ විවාහ කටයුතුවලට තීන්දු තීරණ ගත හැකිය. අපල අවම වීමට දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් උපකාර කරන්න.

සුබ අංක 5, 6, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

තුලා -සිතුවිලි සුබපල ගෙනෙයි

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර මා පිය දූ දරු සබඳතා වර්ධනය වන ඔවුන් නිතර මුණගැසෙන සතියකි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සැමගේ සහයෝගය හිමිවෙයි. විභාග ජයග්‍රහණ ලබයි. මානුෂීය ගුණධර්ම වර්ධනය වේ. අන්‍යයන්ට උදව් උපකාර කරන්නට ඉදිරිපත් වෙන අතර සතුරු කරදර ද පැමිණිය හැක. අපල අවම වීමට තරුණ දුවා දරුවන්ගේ යහපත් කටයුතුවලට උදව් කරන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණ - සුදු, රෝස, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

වෘශ්චික - සුබ සතියකි

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. අතමිට මිල මුදල් ගැවසෙන සහකාර පාර්ශවයෙන් උදව් උපකාර ලැබෙන සතියකි. දෙමාපිය දූ දරු සබඳතා වර්ධනය වේ. දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබෙයි. ගෙදර දොර වැඩවලට මුල්තැනක් දී

කටයුතු කරන පිරිසිදුකිරීම් අලංකරණ කටයුතුවලට වැඩි වෙහෙසක් ගන්නා බවක් පෙනෙයි. අපල අවම කර ගැනීමට

අඟහරුවාදා නිර්මාංශ වන්න. එදින සවස බෝධිපූජා තබන්න.

සුබ අංක 6, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා

 

ධනු - අන්‍යයන්ගේ අවධානයට ලක්වේ

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න, තුන්වැන්න සහ සිවුවැන්න හරහාය. සමාජ සුබසිද්ධිය තකා වැඩකටයුතු කරන මාපිය සහෝදර බැඳීම් තර කරන සතියකි. අතමිට මිල මුදල් ගැවසෙන රැකියා, ව්‍යාපාර ලාභ හිමිවන සතියක් ද වෙයි. වචනය ප්‍රියමනාප බවක් උසුලති. අන්‍යයන්ගේ ආදරය, කරුණාව ලබයි. ගෙදර දොර දියුණුව ඇතිවේ. අපල අවම වීමට පොදු වාහනයකදී නම් තම ආසනය පරිත්‍යාග කරන්න. සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගිලන්පස පූජා කරන්න.

සුබ අංක 6, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා

 

කුම්භ - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12, 1 සහ දෙවැන්න හරහාය. ආරම්භය සියලු ලැබීම් ඇති කරයි. ආර්ථික අපහසුතා මගහැරී යයි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබූ අයට ඒ පිළිබඳ ලියකියවිලි ලැබීමේ ඉඩක් ඇත. වචනයේ සුහදශීලී බව නිසා බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනයි. සහකාර පාර්ශවයෙන් උදව් උපකාර හා ලැබීම් වැඩි කරයි. සතුටින් ගෙවිය හැකි සතියකි. අපල අවම කර ගැනීමට රෝගී අයට උදව් උපකාර කරන්න. බේත්හේත් ගෙන දෙන්න.

සුබ අංක 6, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

මීන - යහපත් සතියකි

සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්න භාවය මතිනි. රැකියා, ව්‍යාපාර කටයුතු සඳහා වැඩිපුර ඇවිදීමට සිදුවෙයි. සමාජ ඇසුරේදී යහපත් මානසිකත්වයක් ගොඩනඟා ගනියි. අතමිට සරුවන ආර්ථික අපහසුතා මඟ හැරී යන සතියක් වන අතර දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේ. ජයග්‍රහණ අසන්නට ලැබෙයි. විදෙස් ගමන් හෝ දුර ගමන් යෙදීමට ඉඩ ඇති අතර පාඩුවක් සිදුවිය හැකි බවක් පෙන්වයි. කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම වීමට බෝපත්‍ර අතින් අහුලා ඉවත් කර බෝධියට පැන් කළයක් දමන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

Comments