
විවාහය සඳහා වාසනාව ඇති අයකුගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම මෙහෙමයි
7 වැනි භාවයේ උප ස්ථානය හිමි ග්‍රහයා 7 වැනි හෝ 2 වැනි 11 වැනි භාවයක නිවේදන ග්‍රහයකු නම්කේන්දර හිමියාට විවාහ වාසනාව ඇත.ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රයක් මඟින් විවාහය ගැන හඳුනා ගැනීමට එහි 7 වැනි භාවය බලන්න. 7 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා, 7 වැනි හෝ 2 වැනි හෝ 11 වැනි භාවයක නිවේදක ග්‍රහයෙකු වන්නේනම් ජන්මියා විවාහය සඳහා වාසනාව ඇත්තෙකු වෙයි. විවාහය සඳහා වාසනාව ඇත්තෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැනි, 2 වැනි සහා 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාලසීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ විවාහය සිදු වෙයි.මේ ජන්ම කේන්‍දරයේ 7 වැනි භාවය, කුජගේ රාශියේ කේතුගේ නක්‍ෂත්‍රයක සහ බුධගේ උපස්ථානයකයි.
7 වැනි භාවයේ උපස්ථානය අධිපති බුධ 9 වැනි සහ 12 වැනි භාව අධිපතිව, 9 වැනි භාවයේ තැන්පත්ව සිටියි. 9 වැනි භාවයේ සහ රාහුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයා, සඳුගේ රාශියක සහ සඳුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටින හෙයින් සඳුගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි.
සඳු ග්‍රහයා 2 වැනි භාවයේ තැන්පත්ව සිටියි. ඒ අනුව 7 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා 2 වැනි භාවයේ නිවේදක ග්‍රහයෙකු වන්නේය. ඒ නිසා ජන්මියා විවාහය සඳහා වාසනාව ඇත්තෙකු වෙයි.
විවාහය සඳහා වාසනාව ඇති අයෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා, ද්වි ස්වභා ග්‍රහයෙකු හෝ ද්වි ස්වභා ග්‍රහයෙකුගේ නක්‍ෂත්‍රයක හෝ ද්වි ස්වභා රාශියක තැන්පත්ව සිටියේනම් ජන්මියා බහු විවාහ වලට යොමු වෙයි.
මේ ජන්ම පත්‍රයේ 7 වැනි භාවයේ, උපස්ථානය අධිපති ග්‍රහයා වන බුධ, ද්වි ස්වභා ග්‍රහයෙකු වෙයි. ඒ නිසා මේ ජන්ම පත්‍රයේ 7 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාල සීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ විවාහය සිදු වෙයි.
ජන්ම කේන්‍දරයේ 7 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා වන බුධ 9 වැනි භාවයේද නිවේදක ග්‍රහයෙකු වන නිසා දෙවැනි විවාහයකට මඟ පෑදේ. මෙහි 7 වැනි භාවයේ උපස්ථානය අධිපති බුධ 9 වැනි සහ 12 වැනි භාව අධිපතිව 9 වැනි භාවයේ තැන්පත්ව සිටියි. 9 වැනි භාවයේ සහ රාහුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි.
මේ ජන්ම කේන්‍දරයේ 7 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාල සීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට,ජන්මියාගේ පළමුවැනි විවාහය සිදුවෙයි. එම 7 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ කුජ, සඳු, ගුරු, ශනි, රවි, සිකුරු, රාහු සහ කේතු වෙති. මෙම ග්‍රහයන්ගෙන් වඩාත් පලදායි ග්‍රහයන් ප්‍රතිඵල ලබා දෙති.
ඉන් අනතුරුව ලබන මෙම භාවවලට 12 වැනි භාව වන 6 වැනි, 1 වැනි සහ 10 වැනි සඳහා භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාල සීමාවකදී ජන්මියා බහු විවාහ සඳහා උරුමකම ලබා ඇත්නම් පමණක් ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට, ජන්මියාගේ පළමුවැනි විවාහයෙන් වෙන්වීම සිදු වෙයි.
මෙම භාව නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු, කුජ, රවි, රාහු සහ කේතු වෙති. මෙම ග්‍රහයන්ගෙන් වඩාත් පලදායි ග්‍රහයන්ගේ සංයුක්ත කාලයක් උදාවී ගෝචර ගමන් සමඟ එකඟ වන විට, ජන්මියාගේ විවාහයට බාධා සිදුවෙයි. ජන්මියාගේ පළමුවැනි විවාහයෙන් වෙන් වීමෙන් පසුව එළඹෙන 9 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ සංයුක්ත දශා කාල සීමාවකදී ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියාගේ විවාහයට කරදර සිදු වෙයි. දික්කසාදයට මඟ පෑදෙයි.
ජන්ම පත්‍රයක නිවේදක ග්‍රහයන්ගෙන් වඩාත් පලදායී නිවේදක ග්‍රහයන් තෝරා ගැනීම සඳහා, ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ එත්රන් නීතිය වන පාලක ග්‍රහයන් යොදා ගත හැකිය.
ජී. එච්. ඩබ්ලිව්. සිල්වා