රහස් හෙළි නොකරන අකුර හිමියෝ තරමක් කලබලකාරීයි | Page 2 | සිළුමිණ

රහස් හෙළි නොකරන අකුර හිමියෝ තරමක් කලබලකාරීයි

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව සටහන් කිරීම මෙහි අරමුණයි. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ Q අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මීට පෙර ලිපිවලින් A අකුරේ සිට P අකුර දක්වා පැහැදිලි කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ Q අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි.

ඔබට Q අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේනම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ Q අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතට කෙතරම් සමීපද කියා.

Q අකුරෙන් පටන් ගන්න නම් අපේ සමාජය තුළ එතරම් සුලබව හමු නොවේ. නමුත් ලෝකයේ වෙනත් භාෂාවල මෙම අකුරින් පටන් ගන්න නම් බොහෝ සේ දැකිය හැකිය. මෙම අකුරින් සිංහල නම් අඩුවෙන් පැවතුණ ද මේ විෂය සම්බන්ධව උනන්දුවක් දක්වන බොහෝ දෙනාගේ දැන ගැනීම පිණිස ඒ පිළිබඳව ද යම් කරුණු ප්‍රමාණයක් සඳහන් කරමි.

මෙම පුද්ගලයින් අන්‍යයන්ට තේරුම් ගැනීමට ඉතාමත් අපහසු පුද්ගලයින් කොටසක් ලෙස හඳුන්වා දිය හැකිය. කිසි දිනක රහස් හෙළි කරන පුද්ගලයින් නොවේ. ඕනෑ දෙයක් ඕනෑ තරම් කාලයක් හිතේ තබාගෙන සිටීමට මොවුන් සමත් වෙයි. එමෙන්ම තරමක් කලබලකාරී පුද්ගලයින් ලෙසද හඳුන්වන්නට පුළුවනි. ස්වභාවයෙන්ම නොසන්සුන් ස්වභාවයක් මොවුන් තුළ දැකිය හැකිය. කලබලකාරී ගතිය සේම ඉක්මනින් කේන්ති ගන්නා ගතියක් ද මොවුන් තුළ පවතී. ආවේගශීලීව ගන්නා වූ ඉක්මන් තීන්දු තීරණ නිසා ජීවිතයේ යම් අපහසුතාවන්වලට ලක්වීමටද සිදුවන අවස්ථා ඇත. මොවුන් බුද්ධිමත් භාවය අතින් ද ඉදිරියෙන් සිටියි. අධ්‍යාපනය හා සම්බන්ධ කටයුතුවලට දක්ෂ වෙයි. සෑම විටම තමාගේ අභිමතය පරිදි කටයුතු කිරීමට මොවුන් කැමති වෙයි. අන් අය තමාව අනුගමනය කරනවා දැකීමට කැමතිය. අන් අය කෙරෙහි තම ආධිපත්‍ය පැතිර වීම මේ අයගේ ස්වභාවයක් වෙයි. සෑම විටම සැලසුමකට අනුව තම කටයුතු සිදු කරයි. තමාට වැරදි කරන අයට සුදුසු අවස්ථාවේදී දඬුවම් දෙයි. එමෙන්ම තමාට උදවු කරන අය වෙනුවෙන් ද ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානමින් සිටී.

Q අකුර හිමියන් අවදානම් සහ අභියෝගවලට මුහුණ දීමට කැමති නැත. පහසුවෙනුත් ලේසියෙනුත් ජීවත් වීමට සිතයි. එමෙන්ම ඉතා පහසුවෙන් සහ කෙටි ක්‍රමවලින් දියුණු වීමට සිතයි. මුදල් හම්බ කිරීම මොවුන්ගේ ජීවිතේ ප්‍රධාන පරමාර්ථයක් වෙයි. සල්ලි මිල මුදල් කෙරෙහි වැඩි ආසාවක් මොවුන් තුළ පවතී. මුදල් සෙවීම වෙනුවෙන් විවිධ සැලසුම් දියත් කරයි.

නමුත් Q අකුර හිමියන් වැරදි තීරණ නිසා ජීවිතය පුරාවට විවිධ ආර්ථික කඩා වැටීම්වලට ලක්වීමට සිදුවෙයි. හොඳ ආර්ථික කළමනාකරණයක් තබා ගැනීමට මොවුන් සිහි තබා ගත යුතුයි. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී තම සහකරුවා හෝ සහකාරිය තමාට අවශ්‍ය ලෙස සිටිය යුතු බව සිතයි. නමුත් ඔවුන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. Q අකුර හිමියන් තම පවුලට ප්‍රධානියෙක් ලෙසද ක්‍රියා කරයි. මොවුන් බොහෝ අය ඇසුරු නොකරන අතර තෝරා ගත් සීමිත මිතුරන් කීපදෙනෙක් පමණක් ඇසුරු කරයි.

නමුත් සෑම කෙනෙක් සමඟම හොඳ හිත පවත්වා ගැනීමටද ක්‍රියා කරයි. මෙම පුද්ගලයින් බොහෝ විට සමබර ජීවිතයක් ගෙන යනු දැකිය හැකිය.

R අකුරෙන් නම පටන් ගන්න අය පිළිබඳ තොරතුරු ලබන කලාපයෙන්.

අධ්‍යාපන කටයුතුවලදී දක්ෂතා පෙන්වයි

 ඒ. ජේ. දීපාලෝක

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය

ඉසිවර සහන

ජ්‍යොතිෂය සේවය)

Comments