ඉන්ධන හිඟයක් ගැන කලබල නොවන්නැයි දැනුම් දීමක් | Page 4 | සිළුමිණ

ඉන්ධන හිඟයක් ගැන කලබල නොවන්නැයි දැනුම් දීමක්

ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් ඉන්ධන හිඟයක් ගැන කලබල නොවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.
 
අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑමවිටම පවත්වාගෙන යායුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවද අමාත්‍යවරයා පවසයි.

Comments