සමාජ මාධ්‍ය තුළින් ආගමික වෛරය පතුරවන සූක්ෂම වැඩපිළිවෙළක් | Page 3 | සිළුමිණ

සමාජ මාධ්‍ය තුළින් ආගමික වෛරය පතුරවන සූක්ෂම වැඩපිළිවෙළක්

සමාජ මාධ්‍ය භාවිතය තුළින් ආගමික වෛරය පතුරවන සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වාර්තා වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. 
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අද (30) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
බුද්ධි අංශ විසින් ඒ පිළිබඳ තොරතුරු දැනුම් දී ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වලට උපදෙස් ලබා දී තිබෙන බවද කැබිනට් ප්‍රකාශකවරයා
සදහන් කළේය. 
 
මෙවැනි වාර්ගික ගැටුම් වලට අපි මීට මුහුණ දී තිබෙනවා. නිරායුධ අහිංසක සාමකාමීව ජිවත් වන මිනිසුන්ගේ යහපැවැත්මට බාධාවන දෙයක් වීමට රජය ඉඩ ලබා නොදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Comments