ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක කාලයකට දීර්ඝ කෙරේ | Page 4 | සිළුමිණ

ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක කාලයකට දීර්ඝ කෙරේ

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය ආධාර යෝජනා ක්‍රමය ඉදිරි වසරක කාලයක් සඳහා දීර්ඝ කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
 
මුදල් අමාත්‍යාංශයේ දී මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද(30) සිදුවිය. 
 
පසුගිය 2022 මාර්තු 17 දින සිට වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ගිවිසුම ප්‍රකාරව වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 1000න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 576.75කට අදාලව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර තිබේ.
 
ඉදිරි වසරක කාලය තුළ මෙම ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ඇතුළත්ව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා පියවර ගනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේය.
 

Comments