
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)සහ ලෝක ආහාර වැඩපිළිවෙල(WFP) ඒකාබද්ධව සිදුකරන ලද ආහාර භෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සියළුම පළාත් තුළ ආහාර අනාරක්ෂිතතාව අඩු වෙමින් පවතී බව සදහන් කෙරේ.
එම වාර්තාව තක්සේරු කරන ආකාරයට ජනගහණයෙන් සියයට 17ක් නැතිනම්, ජනතාව මිලියන 3.9ක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවට මුහුණ පාන අතර එය පසුගිය වසරේ ජුනි/ජුලී සමඟ සැසදීමේ දී ආසන්න වශයෙන් සියයට 40ක අඩුවීමකි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ FAO නියෝජිත විමලේන්ද්‍ර ශරන් සහ WFP ශ්‍රී ලංකා නියෝජිත සහ අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්දිකි විසින් ශ්‍රී ලංකාව පිළිබඳ දෙවන ඒකාබද්ධ FAO-WFP බෝග සහ ආහාර සුරක්ෂිතතා ඇගයීම් මෙහෙයුම් වාර්තා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දෙන ලදි.
පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණු 66,000ක පුද්ග සංඛ්‍යාව මේ වසරවන විට ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩු වී ඇත.
මෙම ආහාර සුරක්ෂිතතා මට්ටම්වල වර්ධනයක් සටහන් වීමට මූලික පදනම වී ඇත්තේ යහපත් ආහාර පරිභෝජනයයි. ආහාර මිල යම් තාක් අඩුවීම සහ මෙම වාර්තාවට කරුණු අධ්‍යනය කරන කාලය තුළ දී අස්වනු නෙලීම හේතුවෙන් ආදායම් මට්ටම් වර්ධනය වීම තුළින් ආහාර පරිභෝජන රටාවල වෙනසක් සිදුවීම වැනි කරුණු ඊට බලපා ඇත.
කිලිකොච්චිය, නුවරඑළිය, මන්නාර, මඩකපුව, වවුනියාව සහ යාපනය වැනි ඇතැම් දිස්ත්‍රික්කවල ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතී. උග්‍ර ආහාර අනාරක්ෂිතතාව වාර්තා වන්නේ වතුකරයේ තේ වගාකරුවන්ගේ ප්‍රජාව අතරින් සහ සිය ප්‍රධාන ආදායම් මාර්ග වශයෙන් සමෘද්ධි වැනි සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන දෛනික වැටුප් ලබාගන්නා කම්කරුවන් සහ කුටුම්භ අතරින්ය.