
දකුණු කොරියාවේ විශාලතම ජාත්‍යන්තර බොදු සඟ සමුළුව ජූනි මස 11 වැනිදා පැවැත්වේ. “සදහම් අමා වැස්ස - 2023” එහි තේමාවයි.
ජාත්‍යන්තර බොදු සඟ සමුළුව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකය. පලමු අදියර යටතේ ජුනි 09 වැනිදා දකුණු කොරියාවේ පලමු හා එකම ථේරවාදි උපසම්පදා විනය සීමා මාලකය කොරියා-ශ්‍රී ලංකා මහා විහාරයේදී ස්ථාපනය කෙරේ. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.
දෙවන අදියර පැවැත්වෙන්නේ ජූනි 11 වැනි ඉරිදා කොරියාවේ යු-වන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදීය. තරුණ තරුණියන් 500 දෙනෙකු සිල් සමාදන් වීම, මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනයක්, සියක් නමක් උදෙසා පිණ්ඩපාත දානමය පිංකම ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුලත්ය. එය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ හා කොරියාවේ මහා නායක හිමිවරුන්, දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

දකුණු කොරියාවේ විශාලතම ජාත්‍යන්තර බොදු සඟ සමුළුව සංවිධාන කරනුයේ කොරියා-ශ්‍රී ලංකා මහා විහාරය, දකුණු කොරියාවේ ජාත්‍යන්තර භික්ෂු සංගමය හා එක්වයි. දකුණු කොරියාවේ ප්‍රධාන සංඝ නායක හා කොරියා-ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති තල්ගමුවේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේ ඊට අනුශාසකත්වය දක්වනු ලැබේ.