Coca Cola SLIM Kantar සම්මානයට | Page 2 | සිළුමිණ

Coca Cola SLIM Kantar සම්මානයට

වසර 60කට අධික කාලයක් මෙරට ජනතාවගේ නොමඳ ආදරය දිනා ගත් ප්‍රමුඛතම බීම වර්ග සන්නාමයක් වන කොකා-කෝලා ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පවත්වන ලද SLIM Kantar ජනතා සම්මාන උලෙළේදී ‘‘වසරේ සිසිල් බීම සන්නාමය” සහ ‘‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය” යන ගෞරවනීය සම්මානවලින් පිදුම් ලැබීය. ලබා ගත් මෙම ජයග්‍රහණයන්වල සුවිශේෂීත්වය වන්නේ 2022 වසරේදී මෙන්ම මේ වසරේදී ද අඛණ්ඩව මෙම සම්මානයන්ට පාත්‍ර වී තිබීමයි. පසුගිය මාස 18ක කාලය පුරාවට කොකා-කෝලා සන්නාමය අලෙවිකරණ නවෝත්පාදනයන් සහ මුලපිරීම්වල ඉදිරියෙන්ම සිටී. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ආදරය දිනාගත් නැවුම් ඩිජිටල් අත්දැකීම් ද මෙයට ඇතුළත්ය.

Comments