තෙමඟුල සැමරිමට | සිළුමිණ

තෙමඟුල සැමරිමට

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාර කටයුතුවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා මට්ටමින් වෙසක් සැරසිලි සහ දන්සල් රැසක් සංවිධානය කර තිබිණි. මැයි මස 4 වැනිදා පටන් 8 වැනිදා දක්වා මාවනැල්ල, කුලියාපිටිය, හලාවත, කොට්ටාව සහ මාතර යන ප්‍රදේශවල ශාඛා මට්ටමින් දන්සල් මාලාවක් ක්‍රියාත්මක වූ අතර ඊට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන එකම වර්ණයේ වෙසක් සැරසිලිවලින් දිවයිනේ සෑම ශාඛාවක්ම විචිත්‍රවත් කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක විය. එහි ප්‍රධාන වැඩසටහන මැයි මස 8 වැනි දා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

Comments