
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272ක් ඉල්ලුම් කර ඇත.
මේ අතර 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, දින 5කට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන බවත් විභාගයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු අවසන් කර ඇති බවයි.
එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති සිසුන්, බන්ධනාගාර රැඳවියන් සහ පිළිකා රෝගීන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ.
මේ අතර ඩෙංගු වැළඳී ඇති විභාග අපේක්ෂකයින් සිටී නම් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස්වරයා පැවසීය.
කෙසේවෙතත්, 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා සිට ජුනි 8 වැනිදා දක්වා ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 ක දී අයදුම්කරුවන් 472,553 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතය.