සමාධි ධර්ම දේශනා 2023 - ජුනි 2 වැනිදා දක්වා කෝට්ටේ රජමහා විහාරයේදී | Page 2 | සිළුමිණ

සමාධි ධර්ම දේශනා 2023 - ජුනි 2 වැනිදා දක්වා කෝට්ටේ රජමහා විහාරයේදී

අනුබුදු හිමියන්ගේ ලංකාගමනය සිහිපත් කරන උතුම් පොසොන් මහෝත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමාධි දහම් පදනම 18 වැනි වරටත් මෙත් සිතින් සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනා මාලාව ජුනි 02 වැනිදා දක්වා රාත්‍රී 7 සිට කෝට්ටේ රජමහා විහාරස්ථනයේදී පැවැත්වේ. කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්වැව අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සමාධි ධර්ම දේශනා 2023 පැවැත්වීමට කටයුතු යොදා ඇත. මැයි 27 අතුරුගිරිය පෝරේ ආනන්ද බෝධි විහාරවාසී කෙත්සිරිගම සංඝානන්ද හිමියන් ද, 28 දා අතුරුගිරිය ධම්මධුර සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති ශ්‍රී දිගන සුගතවංශ හිමි ද, 29දා ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත තලගල ධම්මගවේෂි හිමියන් ද, 30දා මහා විහාරවංශික අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ගම්පහ මහ දිසාවේ අලුත්කුරු සහ පරණකුරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ජීනශාසන වංශද්ධජ මංගල ධර්මකීර්ති ශ්‍රී තල්පිටියේ කෝලිතවංශ හිමිද, 31දා අලුත්ගම පඥ්ඥසාර හිමිද, ජුනි 1දා රජවැල්ලේ පියදස්සි හිමියන් සහ 02දා බණ්ඩාරගම වල්ගම ශ්‍රී විසුද්ධරාමාධිපති සූරියවැව අමිති හිමියන් ධර්ම දේශනා පැවැත්වීමට නියමිතය.

Comments