යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂූ සංගමයේ සඟ සමුළුව | Page 4 | සිළුමිණ

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂූ සංගමයේ සඟ සමුළුව

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවැත්වුණු අතර ඒ සඳහා භික්ෂූ සංගමය නියෝජනය කරන ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ඔස්ට්‍රියාව, නෝර්වේ, සයිප්‍රසය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය, එංගලන්තය යන රටවලින් මෙන්ම ආසියාතික ජපානය, මැලේසියාව, ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය රට රටවල වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා 60 නමකට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. භික්ෂූ සංගමයේ සභාපති වියානා ඤාණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඔස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක විජයරාජපුර සීලවංශ නාහිමිපාණන් වහන්සේගේ සත්කාරකත්වය යටතේ යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂූ සංගමයේ මේ සමුළුව සංවිධානය කරන ලදි.

Comments