
අ.පො.ස සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගය මැයි මස 29 වැනි සඳුදා දින සිට ජූනි මස 8 වැනි දින දක්වා විභාග මධ්‍යස්ථාන 3,568 කදී පැවැත්වේ. මෙවර පාසල් අයදුම්කරුවන් 394,450 දෙනෙකු ඇතුළුව පෞද්ගලික අයැදුම්කරුවන් සමඟින් 472,553 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 536 ක් ක්‍රියාත්මක වන අතර 35,000 ක කාර්ය මණ්ඩලයක් විභාග රාජකාරි වෙනුවෙන් යොදවා ඇත. විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර පැවසූවේ මෙවර විශේෂිත විභාග මධ්‍යස්ථාන කිහිපයක්ම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. ඒ වැලිකඩ බන්ධනාගාරය, තංගල්ල විශේෂිත මධ්‍යස්ථානය, රත්මලාන අන්ධ විදුහල, අපේක්ෂා රෝහල මෙන්ම වටරැක සුනීත විදුහලයි.