ඩෙංගු අධිවසංගත තත්වයක් ගැන අනතුරු ඇඟවීමක් | Page 2 | සිළුමිණ

ඩෙංගු අධිවසංගත තත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි මෝසම් වැසි ඇති වීමත් සමඟ ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
 
මේ අතර දිනකට IDH රෝහලට රෝගීන් 60ත් 70ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව ඒ මහතා සඳහන් කළේය.
 
එම ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වන බව ඔහු වැඩි දුරටත් පැවසීය. 
 
මේ අතර සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය. ඊයේ(25) පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා රෝග පාලනයට ක්‍රියාත්මක වැඩසටහන් නොනවත්වා පවත්වා ගෙන යාම අවශ්‍ය බවද පැවසීය. 

Comments