උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට | Page 2 | සිළුමිණ

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට

ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. 
 
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
 
ඒ අනූව, දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් වේ.
 
මීට පෙර වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙස අයකිරීම් සිදුකෙරුණි.
 
එමෙන්ම විදේශීය වැඩිහිටි සඳහා උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බව ගැසට් නිවේදනයේ සඳහන් කෙරේ. 
 
විදේශීය වැඩිහිටියන් සඳහා මීට පෙර අයකිරීම සිදුවූයේ රුපියල් 2,000ක් වන අතර ළමුන් සඳහා රුපියල් 1,000ක් අය කරනු ලැබීය.
 
 
 

Comments