වසර 14කට පෙර මුළු රටම එක් ධජ­යක් යට­තට ගෙනා විජ­ය­ග්‍ර­හ­ණයේ තීර­ණා­ත්මක හෝරාව | Page 2 | සිළුමිණ

වසර 14කට පෙර මුළු රටම එක් ධජ­යක් යට­තට ගෙනා විජ­ය­ග්‍ර­හ­ණයේ තීර­ණා­ත්මක හෝරාව

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මිය ගිය පසු රැගෙන එන යුද හමුදා සාමාජිකයන්
එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මිය ගිය පසු රැගෙන එන යුද හමුදා සාමාජිකයන්

දිස්ත්‍රික් ඉඩම් නිල­ධා­රි­යකු වූ තිරු­වෙ­න්ක­තම්ගේ පවු­ලට සිවු වැනි දරුවා ද එකතු වෙන්නේය. අලුත උපන් පුංචි එකාට ගෙදර ආම­න්ත්‍ර­ණය වූයේ ‘දුරෙයි’හෙවත් මාස්ටර් යන්නය. මඩ­ක­ලපු නග­රයේ සිට දෙකේ පන්තිය වෙන­තෙක් පාසල් ගිය දුරෙයි ද කැටුව, පියා යළි ගම්බිම් බලා එන්නේ, එතෙක් මඩ­ක­ල­පුවේ කළ සේවය අව­සන් නිසාය. උතුරේ කෙළ­වර ඇති වැල්වැ­ටි­තුරේ විද­ම්බර විදු­හ­ලට දුරෙයි ඇතුළු කර, මධ්‍යම පාන්තික හීනය වූ ‘ඉගෙන ගෙන මහ­ත්ත­යෙක් වෙයන්’ යන ආක­ල්පය ඒ නිව­සින්, ඔහුට ලබා දුන්නේය.

වැල් වැ­ටි­තුරේ පාපැ­දි­ය­කින් එහා මෙහා යමින්, දඟ­කාර වූ ඒ දරු­වාගේ මර­ණ­යට අදට වසර 14ක් සපි­රෙ­න්නේය. ඔහු ප්‍රථම විධා­යක ජනා­ධි­ප­තිගේ සිට ජනා­ධි­ප­ති­වරු පස්දෙනෙක් දුටු­වේය, ඒ සියලු දෙනාට අම­තක නොවන පාඩම් ඉගැ­න්විය. එක් ජනා­ධි­ප­ති­ව­ර­යකු මහ පාරේම මරා දැම්මේය. ඒ සියලු සෙල්ලම් දකුණේ අනිත් කෙළ­වරේ උපන් අයෙකු ජනා­ධි­පති වෙන­කම් පම­ණක් විය.



එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ සහ යුද හමුදාපතිව සිටි 
ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු නිලධාරීන්

2005 වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­පක්ෂ දිනුවේ නූලෙන්ය. ඔහුට ලැබුණේ ද සුළු­තර පාර්ලි­මේ­න්තු­වකි. වෙන එකක් තබා කථා­නා­යක ද පත්ව තිබුණේ විප­ක්ෂ­යෙන්ය. 105 කා ආසන සංඛ්‍යා­වක් අතේ තබාගෙන ආණ්ඩු කර­නවා කිය­න්නෙම, වැඩක් කිරී­මට බැරි බවය. කළ යුතු එකම වැඩය ආණ්ඩුව රැක ගැණීම පම­ණය. විප­ක්ෂය එක තැන­කට එක්වූ සැනින්, ආණ්ඩුව අහ­ව­රය. මහින්ද රාජ­පක්ෂ වෙත ජනා­ධි­පති තන­තුර ලැබෙන්නේ උපන් දින තෑග්ගක්’ලෙසය. නොවැ­ම්බර් 18 වෙනිදා ඔහු ජනා­ධි­පති පුටු­වට පැමිණ දින අට­කට පසුව ප්‍රභා­ක­රන්ගේ උපන් දිනය යෙදී තිබුණි. ඒ දවස තමන්ගේ උපන් දින­යට වඩා මේ රටේ මිනිස්සු මතක තබා ගත්තෝය. එදාට මිනිස්සු වැඩට යන්නේ නැත. දරු­වන් පාසල් යවන්නේ ද නැත. බස්, කොච්චි පවා අඩුය. සිල්ගන්නා පොහෝ දිනක් සේ පාරේ සෙනඟ ද අඩුය. බය ගැන්වීම ඒ තරම්ය. 2005 නොවැ­ම්බර් 26 වෙනිදා උදා­විය. තත්ත්වා­කාර රාජ්‍ය­යක සියලු ලක්ෂණ රටේ දෙප­ළා­තක තබා­ගෙන සිටි වේලු­පිල්ලේ ප්‍රභා­ක­රන් ‘වීර දින පණි­වු­ඩය’ නිකුත් කළේය. නව ජානා­ධි­පති කට­යුතු කරන ආකා­රය පිළි­බඳව තමා ලබන වසර වෙන තෙක් බලා සිටින බව සඳ­හන් කළ ත්‍රස්ත­වාදී නාය­කයා, මහින්ද රාජ­පක්ෂ යථා­ර්ථ­වාදී නාය­ක­යකු ලෙසත්, ප්‍රායෝ­ගික දේශ­පා­ල­න­යට කැපවූ අයකු ලෙසත්, හඳුන්වා දෙමින්, ඊළ­ඟට සිය බලා­පො­රො­ත්තුව ද කියා සිටි­යේය. දෙමළ ජන­තා­වට දැන් සාමය, සටන් විරාම සහ සාකච්ඡා වැනි වැනි සංකල්ප අර්ථ­ශුන්‍ය වී ඇති බව ද ප්‍රභා­ක­රන් ප්‍රකාශ කළේය. ඔහු, මහි­න්ද­ගෙන් බලා­පො­රොත්තු වූ ප්‍රයෝ­ගික සහ යථා­ර්ථ­වාදී නාය­ක­ත්වය වූයේ, ඒ සංකල්පවලින් තොර ඊළ­මක් සඳහා එල්ටී­ටී­ඊය යන ගම­නට ‘පාඩුවේ යන්න දෙන්න’ යන්නය.

මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­පති අසුනේ වාඩි වූ දාම, එල්ටී­ටී­ඊය යාප­නයේ නාවුක හමුදා සෙබ­ළකු පැහැර ගත්තේය. මෙසේ දිග­ටම තම ගමන යමින් මහින්ද රාජ­ප­ක්ෂට ද ‘මුල සිටම’ අනිත් ජනා­ධි­ප­ති­වරු වෙත දුන් මට්ටු­වම කොටියා ලබා දුන්නේය.

ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත් වහාම මහින්ද ලබා දුන් පළමු තන­තුර වූයේ, ආර­ක්ෂක ලේක­ම්ක­මය. ඒ සඳහා ඔහු ගෝඨා­භය රාජ­පක්ෂ පත් කළේය. මේ වන විට යුද හමු­දා­ප­ති­ධු­රය උසු­ලන ලද්දේ ලුති­නන් ජෙන­රාල් ශාන්ත කෝට්ටේ­ගො­ඩය. ඔහුට තව මාස 18ක සේවා කාල­යක් ඉති­රිව තිබුණි. යුද හමුදා මාණ්ඩ­ලික ප්‍රධානි සරත් ෆොන්සේකා වෙත විශ්‍රාම යෑම සඳහා තිබුණේ දින 18ක් පම­ණය. ශාන්ත කෝට්ටේ­ගොඩ විශ්‍රාම ගැන්වූ නව ආර­ක්ෂක ලේක­ම්ව­රයා, විශ්‍රාම යෑමට නිය­මි­තව තිබූ සරත් ෆොන්සේකා වෙත වස­රක සේවා දිගු­වක් ද ලබා දෙමින් යුද හමු­දා­ප­ති­ධු­ර­යට පත් කළේය.

මේ වන විටත් කොටි ‘දිග­ටම වැඩය’. දෙසැ­ම්බර් 22 වෙනිදා බෝට්ටු කිහි­ප­ය­කින් නාවික හමුදා මෝටර් බෝට්ටු දෙකක් වට කළ, එල්ටී­ටී­ඊය සෙබ­ළුන් තිදෙ­නෙක් පැහැර ගත්හ. 23 වෙනිදා නාවික හමුදා බස් රථ­ය­කට ක්ල්මෝ ප්‍රහා­ර­යක් එල්ල කර, සෙබළු පහ­ළොස් දෙනෙකු මරා දැමූහ. ආර­ක්ෂා­කාරී අන්ත­යක සිටි හමු­දාවේ, මනස තිබුණේ ‘කොහො­මින් හෝ බේරෙන’ තැනක මිස, ප්‍රහාර එල්ල කිරී­මක් ගැන නොවේ. ඒ වන විට හමු­දාව සතුව අවි බලය තිබුණේ ද එල්ටී­ටී­ඊයට යටින්ය. යම් අම­තර ශක්ති­යක් තිබුණේ නම්, ඒ, ගුවන් බලය සහ පිරිස් බලය පම­ණය. දෙසැ­ම්බර් 27 වෙනිදා යාප­නයේ ක්ල්මෝ බෝම්බ ප්‍රහා­ර­ය­කින්, සෙබ­ළුන් 11 දෙනකු මිය ගියහ. එදි­නම නව ජනා­ධි­ප­ති­ව­රයා, සිය ප්‍රථම සංචා­රය ලෙස ඉන්දි­යාව බලා පිටත්ව ගියේය.

ඉන්දි­යාව බලා යන මහින්ද අතේ, එල්ටී­ටී­ඊය සතු බලය සහ ආර­ක්ෂක හමුදා සතු බලය පිළි­බ­ඳව, මිලි­ටරි තක්සේ­රු­වක් විය. අග­මැති මන­මො­හොන් සිං ඉදි­රියේ එම තක්සේ­රුව සඳ­හන් කරන ලද්දේ, ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­ප­ක්ෂය. එහිදී ශ්‍රී ලංකා­වට අවශ්‍ය ආයුධ ලැයි­ස්තුව සහ ඉන්දීය සහය පිළි­බ­ඳව ද නාය­ක­යන් දෙපළ කතිකා කර ගත්හ. ඒ වන විට පිටිය මැද්දේ ‘ඒ පැත්තට සෙල්ලම් කරනා අම්ප­යර්ලා’ පිරි­සක් ද විය. සටන් විරාම නිරී­ක්ෂ­කයෝ, ඊළම ලේබන තුරු ‘කෝටි රැක බලා­ගැ­නීම හේතු­වෙන්, ආර­ක්ෂක හමු­දා­වන්ට සිදු ­වූයේ, අවි අත දරා­ගෙ­නම ‘කොල්ලෝ කුරු­ට්ටන් පිරි­සක්’ අතින් වෙඩි කා. පෙට්ටි­යක බැස ගෙදර බලා ඒම­ටය.

මහින්ද රාජ­පක්ෂ හැර­වුම් ලක්ෂය සට­හන් කළේය. තමා සාම සාකච්ඡා ආරම්භ කරන අතර, ආර­ක්ෂක හමු­දා­වන්ට සාම ක්‍රියා­දා­මය පිළි­බ­ඳව කිසිදු සම්බ­න්ධ­යක් නැති හෙයින්, එන ඕනෑම තත්ත්ව­ය­කට මුහුණ දිය යුතු යැයි ඔහු අණ කළේය. තව­මත් පළමු වෙඩි මුරය සඳහා අව­ස්ථා­වක් සොය­මින්, පිටිය අවට කලා­පය ශක්ති­මත් කර ගැනීම සඳහා රාජ­පක්ෂ ආණ්ඩුව යොමුව තිබුණි. ජාත්‍ය­න්ත­රය යනු ඊළාම් සිති­යම සඳහා ප්ලෑන් අඳින සැල­සු­ම්ක­රුවෝ මිස අන් යමක් නොවීය.

ලෝකය වටෙන්ම බල­පෑම් එල්ල වී තිබුණේ, සාකච්ඡා සඳහා යෑමට මිස, එල්ටී­ටී­ඊ­යට එරෙ­හිව සටන් කිරී­මට නොවන හෙයින්, ත්‍රස්ත­වා­දීන් සමඟ සටන් කිරීම සඳහා අව­ස්ථාව එළ­ඹෙන තෙක් බලා සිටී­මට රාජ­පක්ෂ ආණ්ඩු­වට සිදුව තිබුණි. එම අව­ස්ථාව නිවැ­ර­දිව තෝරා නොග­ත­හොත් ලෝකා­නු­ක­ම්පාව දිනා­ගන්නා ත්‍රස්ත­වා­දියා, පහ­සු­වෙන්ම, ඊළම සඳහා වූ ඊළඟ පඩිය නඟි­න්නේය.


ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුණු සහයෝගය

2006 අප්‍රේල් 25 වෙනිදා දහ­වල් 12 ට පමණ කොළඹ යුද හමුදා මූල­ස්ථා­න­යේදී යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් සරත් ෆොන්සේකා එල්ල කර­ගෙන එල්ටී­ටී­ඊය, මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක් එල්ල කළේය. ඒ වන විට යුද හමු­දාව තුළ මහින්ද රාජ­ප­ක්ෂගේ කල් ඇල්ලීම සම්බ­න්ධ­යෙන් ඉවක් තිබූ මුත්, ඔවු­නගේ චිත්ත ධෛර්යය ඉහළ නංවන කිසි­වක් එළි­පිට සිදු නොවීම හේතු­වෙන්, හමු­දාවේ සඳහා නව බඳවා ගැනීම් සඳහා පිරිස් එකතු නොවූ තරම්ය. බොහෝ නාළිකා සන්ධ්‍යා පුවත් විකා­ශය සඳහා ‘ගෙව­ල්ව­ලට මුද්‍රා තැබූ පෙට්ටි’ එන ආකා­රය, අසා­මාන්‍ය දිගු වේලා­වක් පෙන්වා සිටි­යේය. එසේම සම්මා­න­නීය සිනමා අධ්‍ය­ක්ෂ­ක­වරු සිය කෘති තුළ, සෙබළ පුතා මළ පියාගේ කතාව, සෙබළ භාර්යාව ගොදුරු වන අත­වර පිළි­බඳ කතා, සෙබ­ළුන්ගේ මෝඩ පාට් සහිත කතා ආදිය නිප­ද­ව­මින්, කලා­ත්මක ආකා­ර­යෙන් සමාජ ගත කර තිබූ තත්ත්වය හේතු­වෙන්, හමු­දා­වට බැඳී­මට තබා, ඉන්න සෙබ­ළුන් ද එහි රඳවා තබා ගැනී­මට නොහැකි තත්ත්ව­යක් උදාවී තිබුණි. ගෝඨා­භය රාජ­පක්ෂ සක­සන ලද යුද තක්සේ­රුව අනුව නව බඳවා ගැනීම් ඉක්ම­නින්ම නොක­ළ­හොත්, එල්ටී­ටී­ඊය කොයි මොහොතේ හෝ දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල කළ­හොත්. චන්ද්‍රිකා කුමා­ර­තුංග ආණ්ඩු සමයේ මෙන් කඳ­වුරු අත­හැර දමා පලා­යා­මට හමු­දා­වන්ට සිදු වනු ඇත. ආණ්ඩුවේ තක්සේ­රුව අනුව, ඒ වන විටත් එල්ටී­ටී­ඊ­යට 12000 කට අධික සට­න්ක­රු­වන් පිරි­සක් සිටි­යහ. නව බඳවා ගැනීම් ලෙස මස­කට දෙසිය පන­හක් එම බල ඇණිය සඳහා එක්විය. අම­ත­රව සිවිල් වැසි­යන් දහස් ගණ­න­කට කෝටි ත්‍රස්තයෝ අවි පුහු­ණුව ලබාදී තිබුණි. එවන් තත්ත්ව­යක් තුළ යුද හමු­දාව සඳහා මෙන්ම සෙසු හමු­දා­වන් සඳහා ද නව බඳවා ගැනීම් සඳහා මෙතෙක් නොක­රන ලද නව මාදි­ලියේ ජනතා සිත් දිනා ගැනීමේ යන්ත්‍ර­ණ­යක් අවශ්‍ය විය. ‘අපි වෙනු­වෙන් අපි’ නම් මන­හර ප්‍රයා­මය, ආණ්ඩුව දියත් කරන්නේ ඒ අනු­වය.

2006 ජුනි 15 වන දිනදී, දෙමළ කොටි ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­කයෝ පිරි­සක් කැබි­ති­ගො­ල්ලෑව රජයේ බස් රථ­ය­කට ක්ලේමෝ බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල කළ අතර, ප්‍රහා­ර­යෙන් කුඩා දරු­වන්ද ඇතු­ළත්ව බස් රථයේ ගමන් ගත් සිංහල සිවිල් වැසි­යන් 68 දෙනෙකු ජීවි­ත­ක්ෂ­යට පත් විය. සටන් විරා­මය අතරතුර සිදු කරන ලද ම්ලේච්ජ සංහා­රය රටම හඬ­ව­න්නට විය. සිය ජන­තාව තනි නොකළ යුතු බව කිය­මින්, එම භාය­නක අව­ස්ථාවේ නැගෙ­න­හිර ත්‍රස්ත­යන් ද බහු­ලව ගැව­සෙන එම භූමි­යට යෑම සඳහා මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා තීර­ණය කළේය. සියලු ආර­ක්ෂක ප්‍රධා­නීහු එක පයින්ම එයට විරුද්ධ විය. විශේ­ෂ­යෙන්ම ‘මහි­න්දගේ නොම්ම­රය දන්නා’ එල්ටී­ටී­ඊය, එවන් අව­ස්ථා­වක් සඳහා පෙර සූදා­න­මක් ඇතිව තිබුණා නම්, රටේ ඉර­ණම එයින්ම විස­ඳෙ­න්නේය. කිසි­ව­කු­ටත් නවත්වා නොහැකි වූ ඔහු සිය ජන­තාව සමඟ දුක බෙදා ගැනීම සඳහා බෝම්බ­යෙන් අන­තු­රට පත් වැසියෝ බැලී­මට ගියහ.

මෙසේ තැනින් තැන බෝම්බ පුපු­රාවා සමා­ජය ත්‍රස්ත කර “ඔන්න ඕක දීලා දැම්ම නම් ඉව­ර­යිනේ” කියන තැන දක්වා, සිංහල සමා­ජය ගෙන ඒමට කොටියා සමත්වී තිබුණි. හැන්දෑ­වට ගෙදර යෑමට කෝච්චි­යට නැග්ග පිරිස් යළි අත­ර­ම­ඟදී හිස් ලුලූ අත දුවන්නේ, කෝච්චියේ ඇති නාඳු­නන පාර්ස­ල­යක් නිසාය. මහ මඟ යන අතරේ දුම්රියේ, බස් රියේ, බෝම්බ පිපිරී අම්මා තාත්තා මිය යෑම හේතු­වෙන්, අස­රණ වූ දරුවෝ, පෙට්ටිය බදා­ගෙන හඬන ආකා­රය, මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය වූයේ, ත්‍රස්ත­වා­දියා මානු­ෂික කර, සමා­ජ­යම අස­රණ කර­මිනි. ඒ අනුව ගෙද­රින් එකට එළි­යට බසින දෙන්නා දෙම­හල්ලෝ, බස් දෙකක කාර්යා­ල­යට ගියහ. බස් දෙකක ගෙදර ආහ. සෙනඟ අඩු වේලාව බලා, ෂෝර්ට් ලිව් දමා වේලා­ස­නින් නිව­සට ගියහ. ජනා­කීර්ණ හන්දි මඟ හැර ගමන් කළහ. යා යුත්තේ නම් එම ස්ථාන­හිදී හැකි ඉක්ම­නින් ගියා මිස, රැඳී සිටියේ නැත. කොටුව දුම්රියපොළ, පිට­කො­ටුව බස් නැව­තුම්පොළ ආදියේ රැඳී නොසි­ටි­න්නට වග බලා ගත්හ.

පාසල් සඳහා ප්‍රහාර එල්ල වන බවට ලැබුණු ආරංචි අනුව, ඉගෙ­නීම පැත්තක දමා, සම­හර දින­වල, ළමයි ඉස්කෝලේ නොයවා, ගෙදර තබා ගැනී­මට ම­ව්පියෝ ක්‍රියා කළහ. පාසල් ගේට්ටු මුර කිරී­මට සහ දරු­වන්ගේ බෑග් පරික්ෂා කිරී­මට, නිවාඩු දමා ම­ව්පි­යන්, සිෆ්ට් පන්න­යට, සිකු­රි­ටිලා වූහ. පාසල් දරු­වන්ට විනි­විද පෙනෙන බෑග් පාවි­ච්චිය අනි­වාර්ය වූයේ, දරු­වකු රවටා, ත්‍රස්ත­වා­දීන්, පොත් බෑගයේ බෝම්බ දමා පාස­ලට එවාවි යන සැකය උඩය.

කොටි දිගින් දිග­ටම අමා­නු­ෂික ක්‍රියා බර ගණ­නක යෙදුණ ද සමස්ත ලෝක­ය­ටම මානු­ෂික වූවෝ ත්‍රස්ත­යන් මිස ආණ්ඩුව නොවේ. ආණ්ඩුවේ ප්‍රචා­රණ යන්ත්‍ර­ණය ඒ තරම් දුර්වල තත්ත්ව­යක පැව­ති­යේය. ත්‍රිවිධ හමු­දාව සඳහා නව වෙබ් අඩවි ආරම්භ කළ ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ ඒ සඳ­හාම වූ ජාතික ආර­ක්ෂාව සඳහා වූ මාධ්‍ය මධ්‍ය­ස්ථා­නය ඇති කළේය. එසේම කැබි­නට් ඇම­ති­ව­ර­යකු වූ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, ආර­ක්ෂක මාධ්‍ය ප්‍රකා­ශක ලෙස පත් කරනු ලැබීය. ඒ සන්නි­වේ­දන සංග්‍රා­ම­යය.

මෙතෙක් එල්ටී­ටී­ඊය මරා දැමු ඉහ­ළම යුද හමුදා නිල­ධා­රියා ලෙස සට­හන් වෙමින්, 2006 ජුනි 26 වෙනිදා මේජර් ජෙන­රාල් පාරමී සුග­න්ධික බණ්ඩාර කුල­තුංග, පන්නි­පි­ටි­යේදී මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක් එල්ල කර ඝාත­නය කිරී­මට එල්ටී­ටී­ඊය සමත් විය. ඒ යුද හමු­දාවේ තුන් වෙනි­යාය.

2006 ජුලි 21 වෙනිදා ආණ්ඩුව බල බලා සිටි අව­ස්ථාව උදා­විය. නැගෙ­න­හිර එල්ටී­ටීඊ නාය­ක­යකු වූ සොර­නම් මාවි­ල්ආරු සොරෝව්ව වසා දැම්මේය. ජන පීඩා සඳහා කලින් කලට එල්ටී­ටී­ඊය එවැනි දේවල්, එදා සිටම කළේය. සරත් ෆොන්සේකා ඒ වන විට සුවය ලබා, සිංග­ප්පු­රුවේ සිට කොළඹ පැමිණ තිබුණ ද ඔහු වැඩි­දුර ප්‍රති­කාර සඳහා යුද හමුදා රෝහලේ නවත්වා තිබුණි. වැඩ­බ­ලන හමු­දා­පති මේජර් ජෙන­රාල් නන්ද මල්ල­වා­රච්චි වහාම එම ප්‍රදේ­ශයේ සංචා­රය කර­මින්, සොරොව්ව විවෘත කිරීම සදහා හමුදා මෙහෙ­ය­වී­මට පටන් ගත්තේය.

2006 අගෝස්තු 10 වැනිදා පාන්දර 4.58 ට කියන්නේ පුදුම නැකත් වෙලා­වකි. සොරොව්ව මුදා­ගැ­නීමේ මෙහෙ­යුමේ මහ මොළය වූයේ, බ්‍රිගේ­ඩි­යර් ප්‍රසන්න ද සිල්වාය. කොටි නොහි­තන මොහො­තක, පෙර නොවූ විරූ ආකා­රයේ ක්‍රියා­න්වි­ත­යක් ඔහු සැල­සුම් කළේය. පාන්ද­රම එල්ල වන කාල තුවක්කු ප්‍රහා­රය සහ පාබල සෙබ­ළුන්ගේ වට කිරී­මට ප්‍රති­චාර දැක්විය නොහැකි වූ ත්‍රස්ත­යන් ආයුධ පම­ණක් නොව සපත්තු සෙරෙප්පු ද දමා, පලා ගොස් තිබුණි.

මේ ආර­ම්භය නන්දි­ක­ඩාල් කල­පුව තෙක්ම විහිද ගියේය. මිරි­දිය නවත්වා ආරම්භ වූ සටන කර­දිය ගොහො­රු­ව­කදී අව­සන් වූයේ, එකි­නෙක පට­ලවා ගනි­මින්, එල්ටී­ටී­ඊ­යට එරෙ­හිව දිගින් දිග­ටම ක්‍රියා­න්විත දියත් කිරී­මට ත්‍රිවිධ හමු­දාව සමත්ව සිටි නිසාය. අනෙක බාධක මධ්‍ය­යේ වුවද, හමුදා ක්‍රියා­න්විත සඳහා උප­රිම ශක්තිය ආණ්ඩුව ලබා දුන්නේය.

මාවි­ලා­රු­වෙන් පසු ආණ්ඩුවේ සැල­සුම වූයේ සාම්පුර් ප්‍රදේ­ශය මුදා ගැනී­මය. එසේම එල්ටී­ටීඊ ත්‍රස්ත­යන් අත­රට ගොස් ප්‍රහාර එල්ල කරන, විශේෂ බළකා බල­ඇණි, එල්ටී­ටී­ඊ­යට ද විශේෂ හිස­ර­ද­යක් වී තිබුණි.

2006 දෙසැ­ම්බර් පළ­වෙ­නිදා පිත්තල හන්දි­යේදී, ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ ඝාත­නය සඳහා එල්ටී­ටීය මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක් එල්ල කළේය. කිලෝග්‍රෑම් 25ක් බරැති අධි බල බෝම්බය නිය­මිත පරිදි පුපුරා ගිය ද පොට්ටු අම්මාන්ගේ ඉල­ක්කය වැර­දිණි.

නැගෙ­න­හිර පාළාත කෙමෙන් කෙමෙන් අත්පත් කර ගනි­මින් සටන් පෙර­මුණ පව­තින විට, සියලු බුද්ධි සේවා එක් සෙව­ණ­කට ගොනු­කර, නව බුද්ධි ඒක­ක­යක් ලෙස ස්ථාපිත කිරී­මට ගෝඨා­භය රාජ­පක්ෂ ක්‍රියා කළේය. මෙහි නාය­ක­ත්වය සඳහා කැබි­නට් මණ්ඩල අනු­මැ­ති­යෙන් නව තන­තු­රක් ඇති කරනු ලැබීය. ජාතික බුද්ධි ප්‍රධානි තන­තුර සඳහා මේජර් ජෙන­රාල් කපිල හෙන්ද්‍ර­වි­තා­රණ පත් කර, ගෝඨා­භ­යගේ මූලි­ක­ත්ව­යෙන්, සියලු බුද්ධි සේවා අඟහ­රු­වාදා දිනයේ රැස් කර තොර­තුරු බෙදා­ගැ­නීම, විධා­න­යන් ක්‍රියා­ත්මක කිරීම සිදු කරනු ලැබීය.

නැගෙ­න­හිර ආඥා­පති මේජර් ජෙන­රාල් පරා­ක්‍රම පන්නි­පි­ටිය යටතේ යුද හමු­දා­ප­ති­ව­රයා දියත් කරන ලද මෙහෙ­යුම් ඵල­දායි කර­මින්, නැගෙ­න­හිර පළාත මුළු­ම­නින්ම ත්‍රස්ත ග්‍රහ­ණ­යෙන් මුදා ගැනී­මට හමු­දාවෝ සමත් වූහ. ඒ සම­ඟම නැගෙ­න­හිර පළාතේ පාළත් පාලන මැති­ව­රණ තබා, කොටි බැංකු, කොටි අධි­ක­රණ ආදිය තිබූ පළාතේ, රජයේ පරි­පා­ලන ක්‍රියා­ව­ලිය යළි සහ­තික කරනු ලැබීය. 2006 වසර නාවික හමු­දාව පරා­ජ­යට පත් වස­රක් විය. සටන් විරාම නිරී­ක්ෂ­ක­යන්ට මැදිවී, එල්ටී­ටී­ඊයේ පහර කෑමට ලක්වූ නාවික හමු­දාව, ඉන් මුදා­ගන්නේ නාවික හමු­දා­පති වසන්ත කර­න්නා­ගො­ඩය. ඔහු එතෙක් නොමැති නව අත්හදා බැලීම් සිදු කර­මින්, මුහුදේ ආර­ක්ෂාව තර කළා පම­ණක් නොව ඈත මුහු­දට ගොස්, එල්ටී­ටීඊ පාවෙන අවි ගබඩා විනාශ කිරීම සඳහා නාවික හමු­දා­වට නාය­ක­ත්වය ලබා දුන්නේය. ගුවන් හමු­දාව ද කෆීර් යානා උප­යෝගී කර ගනි­මින්, ගුව­නින් ත්‍රස්තයෝ මෙල්ල කළහ. ගුවන් හමු­දා­පති රොෂාන් ගුණ­ති­ලක වෙත ඒ සඳහා සවි­මත් බල ඇණි­යක් සිටි­යහ.

එල්ටී­ටිය ද කුඩා ගුවන් යානා තනා­ගෙන, රාත්‍රී කාලයේ සෙල්ලම් දැමී­මට පටන් ගත්තේය. මේ නිසා නව රේඩාර් පද්ධ­ති­යක් සේම, ගුවන් ප්‍රහාර අවි ද අලු­තෙන් සවි­කි­රී­මට සිදු විය. එන සෑම අභි­යෝ­ග­ය­ක­ටම එසේ පිළි­යම් යොද­මින්, ආණ්ඩුව කොටි­යාගේ වප­ස­රිය දිනෙන් දින කුඩා කිරී­මට පටන් ගෙන තිබුණි.

නැගෙ­න­හිර මෙහෙ­යුම අව­ස­න්වී­මට පෙර වන්නි මෙහෙ­යුම ආරම්භ විය. ජගත් ඩයස්ගේ නාය­ක­ත්ව­යෙන් 57 වෙනි සේනාං­කය මන්නා­රම දෙසට ගමන් ආරම්භ කර තිබුණි. 2007 අගෝස්තු මාසයේ බ්‍රිගේ­ඩි­යර් චාකි ගාල්ලගේ යටතේ පළ­වෙනි කාර්යය සාධක බල­කාය, මන්නා­රම වෙරළ බඩ ප්‍රදේ­ශයේ සිට ඉහ­ළට ගමන් ආරම්භ කළේය. ගාල්ලගේ ගෙන් පසුව මෙම කාර්යය සාධක බළකාය සඳහා බ්‍රිගේ­ඩි­යර් ශවේන්ද්‍ර සිල්වා පත් කළ අතර, එය 58 වෙනි සේනාං­කය බවට පත්වෙ­මින්, බට­හිර මුහුදු තීරයේ, මන්නා­ර­මෙන් ආරම්භ කරන ලද එම මෙහෙ­යුම, සහල් නැලිය, වෙඩි­ත­ල­තිව්, නාච්චි­කුඩා, පුන­රින්, පර­න්තන්, කිලි­නොච්චි, අලි­මං­කඩ, දේව­පු­රම්, විශ්ව­මඩු, පුදු­කු­ඩු­ඉ­රිප්පු, පුදු­මා­ත­ලන් දක්වා වන නැගෙ­න­හිර මුහුදු තීරයේ සිට උතුර දක්වා වන කිලෝ මීටර් 200 කට අධික භූමි­යක් පුරා පයින් ඇවිද යමින්, අති­ශය බිහි­සුණු සටන් සඳහා යොමු වූ 58 වෙනි සේනාං­කය විජ­ය­ග්‍ර­හ­ණය සඳහා ප්‍රබල බල ඇණි­යක් විය.

යුද්ධය යන අස්සේ යළිත් පාර්ලි­මේ­න්තුවේ බලය ආණ්ඩු­වෙන් ගිලිහි යන්නට පටන් ගත්තේය. ආණ්ඩුව සමඟ එකට සිටි ජවිපෙ මන්ත්‍රී­වරු 39 දෙනා, අය­වැ­යට එරෙ­හිව ඡන්දය පාවිච්චි කිරීම සඳහා සූදා­නම් වූහ. ඒ සමඟ පාර්ලි­මේන්තු බලය සොයා තවත් යුද්ධ­යක් කිරී­මට මහින්ද රාජ­ප­ක්ෂට සිදු විය.

වන්නි බල ඇණි පෙළ සැදී හතර වටින්ම, කොටි ත්‍රස්තයෝ සදහා ප්‍රහාර එල්ල කළහ. බ්‍රිගේ­ඩි­යර් නන්දන උඩ­වත්ත, මේජර් ජෙන­රාල් කමල් ගුණ­රත්න, ජී.වී.රවි­ප්‍රිය, යන පිරිස් සිය සේනාංක මෙහෙ­ය­ව­මින් ‘යට සිට උඩට’ යන අතරේ බ්‍රිගේ­ඩි­යර් ප්‍රසන්න ද සිල්වා ‘උඩ සිට යටට’ පැමි­ණෙ­මින් සිටි­යේය. එල්ටී­ටී­ඊය සතුව තිබූ අභි­මා­නය වූයේ මුහ­මලේ ඉදිරි ආර­ක්ෂක වළ­ල්ලය. එතැන කඩා­ගැ­නීම සඳහා දරන ලද සියලු උත්සා­හ­යන් ව්‍යාර්ථ වෙද්දී, බ්‍රිගේ­ඩි­යර් ප්‍රසන්න ද සිල්වා, වික්‍ර­මා­න්විත මෙහෙ­යු­මක් සිදු කර මුහ­මලේ ආඩ­ම්බ­රය ද එල්ටී­ටී­ඊ­යෙන් උදුරා ගත්තේය.

කිලි­නො­ච්චිය අල්ල ගැනීම මහින්ද රාජ­ප­ක්ෂගේ දහ­වල් හීන­යක් බව ප්‍රභා­ක­රන් කියු­වද, අව­සා­නය කිට්ටු වන විට තමි­ල්නා­ඩුව කල­බ­ල­යට පත්විය. තමි­ල්නා­ඩු­වට ඉන්දීය මධ්‍යම ලොක් සභාවේ ආසන 39ක් වෙන්ව තිබුණි. පාලක කොංග්‍ර­සය සිටියේ වැඩි ඡන්ද 13ක් පමණ ලබා­ගෙ­නය. එල්ටී­ටී­ඊය විෂ­යෙහි සමස්ත තමි­ල්නාඩු මන්ත්‍රී­ව­රුම සිටියේ එක මත­යක බැවින්, යම් හෙය­කින් තමි­ල්නා­ඩුව අවු­ල්වු­ව­හොත් ඉන්දීය රජ­යට එය ඍජු­වම බල­පා­න්නේය. ප්‍රභා­ක­රන් කොටු­වී­මට ඔන්න මෙන්න කියා තමි­ල්නා­ඩුව මධ්‍යම රජ­යට බල කර සිටියේ, ශ්‍රී ලංකා ආණ්ඩු­වට බල­කර, යුද්ධය කෙසේ හෝ නතර කරන ලෙසය. ඉන්දීය සාධ­කයේ අගය තේරුම් ගෙන සිටි රාජ­ප­ක්ෂලා ඒ වන විටත්, ඒ වෙනු­වෙන් ගෙදර වැඩ කර තිබුණි. රාජ්‍ය­තා­න්ත්‍රික උපාය මාර්ගය නවමු අත­කට යොමු කර­මින්, ‘තුන් - තුන් එක­තු­වක්’ ඔස්සේ ඉන්දු - ලංකා තීර­ණා­ත්මක කට­යුතු ඒ වන විටත් සිදුව තිබුණි. ඉන්දීය පාර්ශ්ව­යෙන් විදේශ ලේකම් ශිව­ශං­කර් මෙනන්, ආර­ක්ෂක ලේකම් විජය සිං, ආර­ක්ෂක උප­දේ­ශක එම්.කේ. නාරා­යන් ඒ සඳහා පත් කර තිබිණි. ශ්‍රී ලංකා පාර්ශ්වය බැසිල් රාජ­පක්ෂ, ගෝඨා­භය රාජ­පක්ෂ සහ ලලිත් වීර­තුං­ග­ගෙන් සැදුම් ලැබීය. අව­සා­න­යේදී තමි­ල්නා­ඩුව කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට මේ එක­තු­වට හැකි විය. එසේ වුවත් බට­හිර එත­රම් පහ­සු­වෙන්, එල්ටී­ටී­ඊය අව­සන් කිරීම සඳහා ශ්‍රී ලංකා­වට ඉඩ නුදු­න්නේය.

ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලි­බෑන්ඩ් වහා ශ්‍රී ලංකා­වට පැමිණ, සටන් විරා­ම­යක් සඳහා යන ලෙස රජ­යට බල කර­න්නට විය. ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය සමඟ මුහු­ණට මුහුණ වාද­යක් ගිය විදේශ ඇම­ති­වරු දෙපළ ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ හමු­වන්නේ අැඹි­ලි­පි­ටියේ චන්ද්‍රිකා වැව අස­ල­දිය. කියූ කිසි­වක් සඳහා එකඟ නොවූ මහින්ද රාජ­පක්ෂ රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන් දෙදෙනා වෙත පවසා සිටියේ, ප්‍රභා­ක­රන් සහ එල්ටීටීය අව­සන් වන තුරු සටන සිදු­වන බවය.

2009 මැයි දහනව වෙනිදා උදෑ­සන වන විට, අට­වන කාර්යය සාධක බළ­කාය යටතේ සිටි හතර වෙනි විජ­යබා බල ඇණිය ප්‍රභා­ක­රන් නිරු­ත්තර කර දමන ලද්දේය. එය රටේ වසර තිහක දුක් අඳෝනාව සදහා පිළි­තු­රක් විය.

මග දෙපස කිරි­බත් කමින් සිංහ ධජ ලෙළ වමින් රටේම ජනයා වීදි බැස තිබුණි. වසර තිහක් තිස්සේ ත්‍රස්ත­වා­දය සුන් කිරීම සඳහා වන මෙහෙ­යුම වෙනු­වෙන් දිවි පිදු විරු­වන්ගේ ගණන තිස්දහ­ස­කට අධික විය. ජිව දානය එසේ වෙද්දී, කාය දානය, සේවා දානය කළ පිරිස ද විශා­ලය. ඒ සියල්ල සඳහා සාධා­ර­ණ­යක් ඉටු කළ අභීත මෙන්ම බුද්ධි­මත් නාය­ක­ත්ව­යය. දැන් අපි නිද­හස්ය. රටේ සියලු තන්හි සිංහ ධජය අභීතව ලෙළ දෙන්නේය. ඒ සුළඟ සඳහා වූ දාහ­තර වස­ර­කට පෙර මත­ක­යෙන් කොට­සකි මේ.

Comments