
ඉකුත් දා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උලෙළේදී වාහන සේවා අංශය යටතේ රිදී කුසලානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය උදෙසා වැලිවේරියේ පිහිටා ඇති DIMO Logistics මධ්‍යස්ථානයට මෙම සම්මානය හිමි විය. DIMO Logistics මධ්‍යස්ථානය, පරිසරයට ඔවුන්ගෙන් සිදු වන බලපෑම අවම කිරීමට විවිධ සංරක්ෂණ පිළිවෙත් අනුගමනය කරයි.
ජනාධිපති පරිසර සම්මාන උලෙළ පරිසර අමාත්‍යාංශය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කර තිබිණි.