
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගුණාත්මක ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩී. පී. එඩියුකේෂන් විසින් මිද්දෙණිය ශ්‍රී සුමංගල පිරිවෙනේ ව්‍යාපෘති සහ පාඨමාලා ආරම්භ කිරීම ඉකුත් මැයි 14 වැනිදා සිදු විය.
ආරම්භ කරන ලද ව්‍යාපෘති සහ පාඨමාලා වන්නේ ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල, ඩීපී එඩියුකේෂන් කෝඩින් හා රොබොටික්ස් කැම්පස්, ඩීපී එඩියුකේෂන් පිරිවෙන් අධ්‍යාපනය, සත්කාරක සේවා පිළිබඳ KIU විශ්වවිද්‍යාලය සමඟ පිරිනමන ජාත්‍යන්තර පාඨමාලාව, ජපන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාවයි. ඩී. පී. එඩියුකේෂන් ඩිජිටල් පන්ති කාමරයක් සහ “ඩී. පී. එඩියුකේෂන් කෝඩින් හා රොබොටික්ස් කැම්පස්” ව්‍යාපෘතිය යටතේ පරිගණක විද්‍යාගාරය විවෘත කිරීමද එහිදී ධම්මික පෙරේරා විසින් සිදුකෙරුණු අතර පූජ්‍ය කන්දෙකුඹුරේ සුධම්ම හිමිගේ අනුශාසකත්වයෙන් වැඩසටහන සිදු කෙරිණි.