කාගිල්ස් ‘ගමෙන් ගෙදරට’ මැයි 20-21 අතුරුගිරියේදී | සිළුමිණ

කාගිල්ස් ‘ගමෙන් ගෙදරට’ මැයි 20-21 අතුරුගිරියේදී

කොවිඩ් 19 වසංගතය නිසා වෙළෙඳපොළක් සපයා ගැනීමට නොහැකි වූ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළක් ලබා දී ඔවුන් ශක්තිමත් කිරීමේ අරමුණින් කාගිල්ස් ආයතනය විසින් ආරම්භ කළ'ගමෙන් ගෙදරට' වැඩසටහන මැයි මස 20 සහ 21 යන දෙදින කාගිල්ස් ෆුඩ් සිටි අතුරුගිරිය ශාඛාවේදී පැවැත් වේ.

2020 වසරේ සිට පවත්වාගෙන යනු ලබන මෙම වැඩසටහන මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 800කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන කාගිල්ස් පාරිභෝගිකයන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, මේ එම වැඩසටහනේ 18 වැනි පියවරයි.

මෙම වැඩසටහන තුළින් අමතර ආදායමක් උපයා ගැනීමට හැකිවීම පමණක් නොව කාගිල්ස් කණ්ඩායම සමඟ සමීපව වැඩ කිරීම හරහා නිෂ්පාදන සංවර්ධනය, අලෙවිකරණය වැනි අංග පිළිබඳ තාක්ෂණික දැනුම ද ලබා ගැනීමට හැකි වීම තවත් ප්‍රතිලාභයකි. කාගිල්ස් සමාගම සියලු වියදම් දරා ගනිමින් මෙම වැඩසටහන සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වෙළෙඳ කුටි නොමිලේ පිරිනමන අතර, ව්‍යවසායකයන් වැඩසටහන තුළින් උපයන සියලුම ආදායම ඔවුන් සතු වීම විශේෂත්වයකි. එමෙන්ම ව්‍යාපාර සංවර්ධනය කරගැනීමට අරමුදල් අවශ්‍ය වන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට අවම වියදම් මූල්‍ය යෝජනා ක්‍රම ලබා දෙමින් කාගිල්ස් බැංකුව අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙයි.

Comments