
මිහින්තලාවේදී පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව සංවිධානය කරනු ලබන ධර්ම රශ්මි පොසොන් කලාපය ජුනි 3-4-5 දිනවල හෝමාගම පිටිපනදී පැවැත්වේ.
ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ජනසන්නිවේදන අමාත්‍යාංශය, මහා මාර්ග අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සියලුම රාජ්‍ය ආයතන, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින් මෙන්ම සියලු සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පොසොන් කලාපයේ තොරණ 4ක්, දර්ශනීය පහන් කූඩු 100කට අධික සංඛ්‍යාවක්, දන්සල්,
බැති ගී ඇතුළු ආගමික වැඩ සටහන් රැසක් ද පැවැත්වේ. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනි, ගුවන් විදුලියේ, මාධ්‍ය අනුග්‍රහය ඇතිව අලංකාර වෙසක් කූඩු තරඟයක් පැවැත්වෙන අතර මෙම තරගයේ පළමුවන ස්ථානයට රුපියල් 500,000ක්ද දෙවන ස්ථානයට රුපියල් 250,000ක්ද තුන්වන ස්ථානය 125,000ක් හා හතරවැනි ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් විසිපන්දහස බැගින් ත්‍යාග ලබා දෙයි. හෝමාගම පිටිපන පොසොන් කලාපය කිලෝ මීටර 10 ක විශාලත්වයකින් හා පොසොන් කලාප 3 කින් සමන්විතය