ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහළට | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහළට

ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය, අවධානය යොමු කළ යුතු තත්වයක් බව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 
පවතින උණුසුම මිනිස් සිරුරට දැනෙන මට්ටමක පවති.
 
උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මෙම උණුසුම් තත්වය වැඩි වශයෙන් අපේක්ෂා කෙරේ. 
 
ඒ අනුව, වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකිය. තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය හා ලවණ ඉවත් වීමෙන්  ඇතිවන මස්පිඩු පෙරළීම් ද ඇතිවිය හැකිය. 
 
පවතින තත්වය හමුවේ වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

Comments