විදුලියේ සැර අඩුවේ | Page 2 | සිළුමිණ

විදුලියේ සැර අඩුවේ

මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනය අනුව විදුලිය අඩුවෙන් පරිභෝජනය මුල් ඒකක කාණ්ඩයත්, හෝටල් ක්ෂේත්‍රයේත් විදුලි ඒකකයක මිල ළඟදීම අඩුවීමට නියමිතය. විදුලි බිල සංශෝධනය ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහිදී මෙම කාණ්ඩ දෙකෙහි මිල අඩුවීම සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.

විදුලි ඒකක අඩු සංඛ්‍යාවක් පරිභෝජනය කරන කාණ්ඩයට ලක්ෂ 17ක පමණ පිරිසක් ඇතුළත්ව ඇති අතර, විදුලි බිල වැඩි කිරීමත් සමඟ විදුලිය භාවිත කිරීමද යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළිව තිබේ.

Comments