රට මුහුණ පා ඇත්තේ ඛේදනීය තත්ත්වයකටයි | Page 3 | සිළුමිණ

රට මුහුණ පා ඇත්තේ ඛේදනීය තත්ත්වයකටයි

රටේ වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය සැප්තැම්බර් මාසය වන විට පැහැදිලිව දැක ගැනීමට හැකිවන බවද. ඉදිරියේදී ණය ප්‍රතිව්‍යුහත කිරිම සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කිරිමට රජයට සිදුවන බවද අභිනවයෙන් පිහිටුවාගත් ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිළුමිණට ප්‍රකාශ කළේය.

අර්බුදයෙන් රට ගොඩ ගැනීමට හැකි වන්නේ 2032 බව IMF පවසන අතර, වත්මන් ජනාධිපතිවරයාට අනුව රට නැවත දියුණුවට පත්වෙන්නේ 2048දී බව ජනරජ පෙරමුණේ නායකයා වැඩිදුරටත් පැවසීය.

අද රට මුහුණ පා ඇති රටේ තත්ත්වය අතිශයින්ම ඛේදනීය වන බවද රටේ රෝහල්වල ශල්‍යාගාර වැහෙනවා සහ රෝහල් වැසීයාමේ අර්බුදයක් මතුවෙලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය විදෙස් ගතවීම් සිදුවෙනවා. ව්‍යවසාය දායකයන් රටින් පිටතට තමන්ගේ ව්‍යාපාර අරගෙන යනවා මෙය විශාල අර්බුදයක් මහ භයානක ව්‍යසනයක් වෙමින් තියෙනවා.

Comments