ක්‍රිකට් සභාපති පුටුව‌ට යළිත් ෂම්මි සිල්වා | Page 2 | සිළුමිණ

ක්‍රිකට් සභාපති පුටුව‌ට යළිත් ෂම්මි සිල්වා

2023 - 2025  කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා මහතා පත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
 
ඔහු ඊට නිතරගයෙන් පත්ව තිබේ.  
 
ෂම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වූ  තෙවැනි අවස්ථාව මෙයයි.
 
උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් පත්ව තිබෙන්නේ නිතරගයෙනි . ලේකම් ලෙස මොහාන් සිල්වා මහතාත්, භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතාත් පත්ව ඇත.  

Comments