ග්‍රහ අපල දුරු කරන සුවිශේෂී ක්‍රම 31ක් | Page 2 | සිළුමිණ

ග්‍රහ අපල දුරු කරන සුවිශේෂී ක්‍රම 31ක්

තමන්ට බලපාන ග්‍රහ දුර්වලකම් හඳුනාගෙන පිළියම් යොදන්නේ මෙහෙමයි

මෛත්‍රී භාවනාව වැඩීමත් සුබයි

ග්‍රහ අපලවලින් බේරෙන නිවැරදි උපක්‍රම

 

සෙනසුරාදා-අඟහරුවාදා සිකුරාදා-ඉරිදා බෝධි පූජා තබන්න

 

මෙලොව උපන් ඕනෑම අයකුට උප්පත්ති ග්‍රහ බලය වෙනස් කළ නොහැකි වුවද එම ග්‍රහ දුර්වලකම් මැනවින් හඳුනාගෙන දෛනික ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යාමෙන් ඔවුනට ජීවිතය ජයගත හැකි වනු ඇත. අපට වැස්ස නැවැත්විය නොහැකි වුවද වැස්සෙන් නොතෙමී ආරක්ෂා වීමට කුඩයක්, වැහි කබායක්, ඉටිකොළයක් හෝ හබරල කොළයක් වුවද යොදා ගත හැකිය. අප එලෙස යමක් යොදා ගනු ලබන්නේ අපගේ ඥානය මෙහෙයවීම මතයි. මෙලෙසම ග්‍රහයන්ගෙන් වන අපලවලින් බේරීම සඳහාද නිවැරදිව විවිධාකාර උපක්‍රම යොදාගත හැකිය.

01. සෙත්කවි ලියවා කියවීම

02. සුදුසු මැණික් වර්ග තෝරාගෙන අදාළ ලෝහයෙන් ආභරණ සාදා පැලඳීම

03. බෝධි පූජා පැවැත්වීම

04. ග්‍රහ පූජා, ග්‍රහ දාන පැවැත්වීම

05. භාවනා කිරීම

06. යන්ත්‍ර පැලඳීම

07. සිල් සමාදන්ව සිල් ආරක්ෂා කිරීම

08. භාරහාර වීම

09. ග්‍රහ බලි පූජා පැවැත්වීම

10. ආමිස දානය, අභය දානය, ධර්ම දානය යන ත්‍රිවිධාකාරයේ දාන මඟින්

11. සිලවතුන් ලවා ලබාගන්නා ආශීර්වාදය මඟින්

12. තමාගේ අපල දුරු වේවා යැයි ලියූ ධජ/කොඩි මඟින්

13. තම ආහාරයේ කොටසක් ඉතිරි කර සතුනට ලබාදී එම පින තමාගේ ඉටු දෙවියාට අනුමෝදන් කරවීම මඟින්

14. අසරණයන්ට, සිල්වතුනට උවටැන් කිරීම මඟින්

15. බුදුදහමේ සඳහන් වන අටමහ කුසල්වල යෙදීම මඟින්

16. දිනපතා පන්සිල් සමාදන්ව පිරිත් සජ්ඣායනා කර එම පින් සර්ව දේව මණ්ඩලයට හා නව ග්‍රහ දේව මණ්ඩලයට අනුමෝදන් කරවීම මඟින්

17. තමාට ගැළපෙන වර්ණයෙන් යුතු ඇඳුම් පැලඳීමෙන්

18. ග්‍රහයන්ට අදාළ ඖෂධ යෙදූ ජලයෙන් ස්නානය කිරීමෙන්

19. ග්‍රහයන්ට අදාළ ගස්වලට සාත්තු කිරීම හා ඒ ආසන්නයේ සතියකට පැය කිහිපයක් රැඳී සිටීමෙන්

20. භාවනා කිරීමෙන්

21. රටෙන් හෝ ගමෙන් පිටවීමෙන්

22. ග්‍රහයාට අදාළ වර්ණයෙන් යුතු මල් රෙදි ආදිය පූජා කිරීමෙන් දන් දීමෙන්

23. කිරි අම්මාවරුන්ට දානය දීමෙන්

24. පිරිත් ශ්‍රවණය කිරීම සහ පිරිතෙන් ආරක්ෂා යන්ත්‍ර පැලඳීමෙන්

25. දෙහි කැපීම් වැනි අභිචාර විධි හා තොවිල් කිරීම මඟින්

26. ගලා යන ජලයේ සිටින මාළුවන්ට බත් පොරි ආදිය ආහාරයට ලබාදීමෙන්

27. උගුල්වල පැටලී සිටින සතුන් ඉන් නිදහස් කිරීමෙන්

28. කූඩු කර ඇති සතුන් නිදහස් කිරීමෙන්

29. මිනිසුන්ට හා සතුනට සැමදා මෛත්‍රියෙන් යුතුව උදවු උපකාර කිරීමෙන්

30. කුඩා අසරණ දරුවන්ට කැවිලිපෙවිලි බෙහෙත් ආදිය ලබාදීමෙන්

31. ඖෂධ වර්ග රෝපණය කිරීම හා එහි ඵලදාව බෙහෙත්වලට නොමිලේ ලබාදීමෙන්

 

පුර පක්ෂයේ දින 09 ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල් මල්, රතු මල්, කහ මල්, සුදු මල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09 ක් පූජා කිරීමත් කිරි කොළ 09 ක තබා එළඟි තෙල් පහන් 09ක් දැල්වීම තුළින් සෙනසුරු, සිකුරු කුජ, හා රවි ග්‍රහයන්ගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.

සෙනසුරු, කුජ, රවි, සිකුරු වෙනුවෙන් සකස් කරන ලද නව ග්‍රහ මංජුසාවක් අදාළ දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබදායක වනු ඇත.

සෙනසරු ඒරාෂ්ටක ශනි, කුජ, රවි, සිකුරු මහ දශා හා අතුරු දශා අපල පවතින විට අදාළ වෘක්ෂයන්ට සාත්තු කිරීම.

මෛත්‍රී භාවනාව වැඩීම සුබදායක වේ.

සෙනසුරාදා (ශනිදා) දිනවල උදේ 6ත් 7ත් අතර එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුලි 8ක් තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්ද තබන්න )

දුගී මගී අත්පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදවු උපකාර කරන්න (ආහාර ඇඳුම් පැලඳුම් හා මුදල්)

හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉඟිලී යන සතෙකුට කෑමට දෙන්න.

හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරාගෙන නිදහස් කරන්න.

ගලා යන ජලයේ ජීවත්වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

දරුවන් ලැබූ හා ලැබෙන්න ඉන්නා වූ අයට ඇප උපස්ථාන කරන්න.

අමාවක පෙහොය දිනවල තමාගේ වයසට අදාළව බෝධියක් අබියස එළඟි තෙල් පහන් දල්වන්න

ගිලන්ව සිටිනා සිල්වත් භික්ෂුවකට බෙහෙත් ඖෂධ පූජා කරන්න

මහලු වැඩිහිටියන් වාසය කරන නිවාසයකට උදෑසන කොළකැඳ පානයක් දන් දෙන්න.

විෂ්ණු දේව රාජජොත්තමයන් වහන්සේ වෙනුවෙන් භාරහාර වීම, පූජා පැවැත්වීම, පිහිට ඇයද සිටීම සෙත්කවි කියවීම ඉතා සුබදායකය.

අතපය වාරු නැති අය හට මෙන්ම යාචකයන්ට සෙනසුරාදා දිනවල රතු කැකුළු බත් එළවළු වෑංජන සහිතව දන් දීම සුබදායක වනු ඇත.

නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය, විෂ්ණු අඝෝර යන්ත්‍රය යන යන්ත්‍ර නිසි ආකාරව බල පිහිටුවා පැලඳීම.

සෙනසුරාදා, අඟහරුවාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම.

කළුතල අංජන කැට වී පොරි සතකුප්ප බැවිල සුවඳ කොට්ටම් දේවදාර කලාඳුරු අල යන ඖෂධ සමව ගෙන තම්බා නිවා ස්නානය කිරීම.

කිරි අම්මාවරුන්ට දානයක් දීම

නුග කොළ මිශ්‍ර වතුර ස්නානය කිරීම

නිල් පාට, රතු පාට හා කහ පාට මල් වැඩිපුර පූජා කිරීම

ඉහත සඳහන් අදාළ ග්‍රහ ශාන්තිකර්ම හා සෙනසුරු, කුජ, රවි, සිකුරු අපල වෙනුවෙන් සෙනසුරාදා, අඟහරුවාදා සිකුරාදා, ඉරිදා දිනවල බෝධි පූජා පවත්වා එම ලබා ගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, ඊශ්වර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසා අනුමෝදන් කිරීම තුළින් ඔබටත් මෙම ග්‍රහ අපල තුළින් සිදු වන්නා වූ අපල හා පීඩාවලින් යම් සහනයක් ලබාගත හැකි වනු ඇත.

 

 

ජ්‍යොතිෂවේදී, බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

Comments