ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ඩ්‍රෝන සිතියම්කරණ වැඩමුළුවක් | Page 2 | සිළුමිණ

ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ඩ්‍රෝන සිතියම්කරණ වැඩමුළුවක්

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් ආයතනය, මෙරට පරිසර අමාත්‍යාංශය, ලංකා පරිසර අරමුදල සහ බ්ලූ රිසෝසස් භාරය සමග එක් වී ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් මන්නාරම් බොක්ක ප්‍රදේශයේ මුහුදු තෘණ සිතියම්ගත කිරීමේ වැඩමුළුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු කළේ ය. 
 
මුහුදු තෘණ සහ ඒවා ආරක්ෂා කර ගැනීම සම්බන්ධ දැනුම පුළුල් කිරීම මෙහි මූලික අරමුණ විය. 
 
තායිලන්තයේ ‘Prince of Songkla’ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මිලිකා ස්ටැන්කොවිච් විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලද අතර, මුහුදු තෘණ සිතියම්ගත කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳව මෙහිදී විද්‍යාඥයන් හා වෘත්තිකයන් දැනුවත් කරන ලදි. 
 
“මුහුදු තෘණ පිළිබඳව සිදුකෙරෙන විද්‍යාත්මක පර්යේෂණ වැඩිදියුණු කිරීම තුළින් මේ වැදගත් ස්වාභාවික සම්පත රැකගැනීමේ උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලක්කයයි. එමෙන්ම ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ නිල්-කාබන් පරිසර පද්ධති සම්බන්ධ පර්යේෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ උත්සාහය සාර්ථක කරගැනීමට මෙමගින් කැපීපෙනෙන දායකත්වයක් ලැබෙනු ඇති කියා අප සිතනවා.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් මහතා පැවසීය. 
 
“තිරසාරත්වය යනු වර්තමානය ලෝකයේ පාරිභෝගිකයන් දැඩි අවධානයක් යොමුකරන දෙයක්. එම නිසා සැබැවින්ම තිරසාර සන්නාම පාරිභෝගිකප්‍රසාදයදිනාගනිමින් වෙළඳපොළේ ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සන්නාමයේ භාරකරුවන් වන අලෙවිකරණ අංශය උත්සාහ කරන්නේ, ජාතික ගුවන් සේවය මෙන්ම ආචාරධාර්මික වශයෙන් වගකීම්සහගත සන්නාමයක් ලෙසශ්‍රීලංකන් ගුවන් සේවය හිමිකරගෙන සිටින කීර්තිනාමය අඛණ්ඩව පවත්වා ගැනීමටයි.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවිකරණ ප්‍රධානී සමින්ද පෙරේරා මහතා සදහන් කළේය. 
 
“ඉතාමත් වටිනා ස්වාභාවික සම්පතක් වන මුහුදු තෘණ රැකගැනීමට අවශ්‍ය දැනුම වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද මෙම ජාතික මට්ටමේ පුහුණු වැඩමුළුවට පහසුකම් සැලසීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් නවීන තාක්ෂණය භාවිතයෙන් මුහුදු තෘණ නිරීක්ෂණය කරමින්, ඒවා සංරක්ෂණය කිරීමට අවශ්‍ය විධිවිධාන යෙදීමට හැකියාව ලැබෙනවා.” ශ්‍රීලංකන්ඒවියේෂන් කොලේජ් ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා පැවසී ය. 
 
මෙම වැඩමුළුවේදී‘Quantum Geographic Information System’ (QGIS) මෘදුකාංගය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හිදී පුහුණුවක් ලබාදෙන ලද අතර, එහිදී ඉගෙනගත් කරුණු ප්‍රයෝගිකව අත්හදා බැලීම සඳහා මන්නාරම් බොක්ක ප්‍රදේශයේ ප්‍රායෝගික පුහුණු සැසියක් පවත්වනලදි. ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ පාරිසරික සහ වනජීවී සංරක්ෂණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් බලාපොරොත්තුවෙයි. 

Comments