
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගමට පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය හිමි විය. Cleantech පුද්ගලික සමාගමේ තත්ත්ව සහතික ප්‍රධානී ජනුක කුලරත්න පැවසුවේ, ජාත්‍යන්තර තත්ත්ව සහතිකයකින් පිදුම් ලැබීම සිය පාරිසරික විශිෂ්ටත්වය නැවත තහවුරු කිරීමක් බවය.