ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් MegaPay සමඟ එක්වෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් MegaPay සමඟ එක්වෙයි

 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) සිය පාරිභෝගිකයන්ට ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ එසැණින් ගෙවීම් කිරීම වඩාත් පහසු කිරීමේ අරමුණින් MegaPay (PVT Ltd) සමඟ හවුල්කාර ගිවිසුමකට එළැඹුණි.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඉකුත් දා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදු වූයේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම, ප්‍රධාන තොරතුරු නිලධාරී ආලෝක ජයවර්ධන, ප්‍රධාන මූල්‍ය නිලධාරී මාලක බණ්ඩාර, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීම් ප්‍රධානි (ජීවිත) නාමලී ඒ. සිල්වා, සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි (සාමාන්‍ය රක්ෂණ) මහේෂ් ගමගේ, සහකාර සාමාන්‍යාධිකාරී - (මුල්‍ය) ශ්‍රියානි කුලසිංහ, කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) නුවන් ජයවර්ධන සහ MegaPay Pvt Ltd හි අධ්‍යක්ෂ වර්දන අස්ලිබෙක්යන්, විකුණුම් හා අලෙවි ප්‍රධානි උශාන්ත සමරවීර සහ ව්‍යාපෘති කළමනාකරු ශෂික මාලගමුව යන අයගේ සහභාගීත්වයෙනි.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට MegaPay දීප ව්‍යාප්ත කියොක්ස් (Kiosk) ජාලය සහ Online මඟින්, MegaPay App එක හරහා ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ වාරික ගෙවීම් කළ හැකිය.

Comments