අම්රිතා බොදු ගීතාවලිය එළි දකී | සිළුමිණ

අම්රිතා බොදු ගීතාවලිය එළි දකී

දේශීය හඳුන්කූරු වෙළෙඳපොළේ පුරෝගාමියකු වන ඩාර්ලි බට්ලර් සමාගම ලාංකේය බොදු බැති ගීත සාහිත්‍ය පෝෂණය කිරීම වෙනුවෙන් නවතම ගීත රැසකින් යුතු සංයුක්ත තැටියක් 'අම්රිතා බැති ගී පුදසර' නමින් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදක්වනු ලැබිණි.

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැති එම උත්සවයේදී මහාචාර්ය පාතේගම ණිස්සර හිමියෝ සහ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර දෙසුම් පැවැත්වූහ. 'අම්රිතා බැති ගී පුදසර' බොදු බැති ගීතාවලියට ගායනයෙන් ආචාර්ය නන්දා මාලනී, කලාශූරී ලතා වල්පොල, සංගීත් නිපුන් සනත් නන්දසිරි ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් දායක වී ඇති අතර, සියලුම ගී තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ සහ මහින්ද බණ්ඩාර යන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරුන් විසිනි.

Comments