තුර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හෙට පැවැත්වේ.
ව්‍යසනකාරී භූමිකම්පාවෙන් මාස 3 කට අඩු කාලයක් තුළ පවත්වනු ලබන මැතිවරණ තුර්කි ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඉරණම තීරණය කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මැතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමට එරට මිලියන 64 කට අධික ජනතාවක් සුදුසුකම් ලබා සිටි. ඉන් මිලියන 6 කට වඩා වැඩි පිරිසක් නව ඡන්ද දායකයින් බව සදහන් වේ.
භූමිකම්පා ඛේදවාචකයත් සමග දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවටපත්ව ඇති මොහොතක, මෙම මැතිවරණය පැවැත්වේ. එහිදී, වසර 20 ක පාලනයට හිමිකම් කියන තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩගන්ට අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වනු ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර, විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ, තුර්කියේ රිපබ්ලිකන් මහජන පක්ෂයේ නායක සහ පක්ෂය 6 කින් සමන්විත නේෂන් අලායන්ස් කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂක රෙසෙප් ටායිප් එර්ඩගන් සහ ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂක "කෙමාල් කුලුච්තරෝලු" අතර දැඩි තරගයක් පවතින බවයි.