අනුර මාගලගේ අවසන් කටයුතු ඉරිදා | Page 3 | සිළුමිණ

අනුර මාගලගේ අවසන් කටයුතු ඉරිදා

ප්‍රවීණ ගීත රචකයකු වූ දෙහිවල කළුබෝවිල කැරන් පෙදෙසේ අංක 15/01 දරන තැන පදිංචිව සිටි අනුර මාගලගේ (ගාමිණී ලාල් කුමාර) අවුරුදු 67ක් ආයු වළඳා මැයි 12 වැනිදා අභාවප්‍රාප්ත විය.

චන්දිමා පීරිස්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ හෙ‍ෙතම ගුවන් විදුලි වාදක මණ්ඩලයේ සේවය කර නැසීගිය ආරියදාස මාගලගේ හා එම මහත්මියගේ කණිටු පුතණුවන්ය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකුද වූ මාගලගේ දේහය මේ වන විට අවසන් ගෞරවය සඳහා කළුබෝවිල ජයරත්න අවමංගල්‍යගාරයේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු මැයි මාස 14වැනිදා ඉරිදා පස්වරු 5.00ට කොහුවල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

Comments