බිස්නස් ටුඩේ සඟරාව විසින් පැවැත් වූ BT Top 40 සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස හා ඉහළම කාර්යසාධනයක් දැක්වූ ශ්‍රී ලංකාවේ සමාගම් පහෙන් එකක් ලෙස සම්මානයට පාත්‍ර විය. බිස්නස් ටුඩේ සඟරාව රටේ පැවති අසීරු ආර්ථික තත්ත්වයන් මැද ධනාත්මක මූල්‍ය වර්ධනයක් වාර්තා කරමින් ඉහළ කාර්ය සාධනයක් පෙන් වූ සමාගම්වල 2021-2022 ප්‍රතිඵල මත පදනම්ව එම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති අතර, කොමර්ෂල් බැංකුව එම සම්මානය දිනා ගත්තේ අඛණ්ඩව 14 වැනි වරටය.
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් සම්මානය ලබා ගත් අයුරු සේයාරුවේ වේ.