වියානා බොදු සමුළුව 12දා | Page 2 | සිළුමිණ

වියානා බොදු සමුළුව 12දා

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය විසින් පවත්වනු ලබන වියානා බෞද්ධ සමුළුව මේ මස 12 වැනිදා සිට 14වැනිදා දක්වා ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී පැවැත්වේ. ප්‍රථම වරට පැවැත්වෙන මෙම සමුළුවට රටවල් රැසකින් භික්ෂූන් වහන්සේ 50 නමක් පමණ සහභාගි වෙති.

ශ්‍රී ලංකා රජයේද විශේෂ අනුග්‍රහයක් යටතේ මෙරට භික්ෂු නියෝජිත පිරිසක් එයට සහභාගි වීමට නියමිත අතර මෙහිදී මූලිකත්වය ගනු ලබන්නේ වියානා ඤණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය විජයරාජපුර සීලවංශ, ජර්මනියේ ශාක්‍යමුනි විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන, රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ හිමි ඇතුළු මහා සංඝරත්නය විසිනි.

යුරෝපා වාසීන් විසින් නිරුතුරුවම ථෙරවාද බෞද්ධ දර්ශනයට වඩා වැඩි අවධානයක් යොමු කිරීමත් යුරෝපයේ ථෙරවාදී භික්ෂුන් වහන්සේ එක්ව කටයුතු කිරීමත් මෙහි එක් මුඛ්‍ය අරමුණක් වේ.

Comments