ඩයලොග් සහ එයාර්ටෙල් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කෙරේ | Page 2 | සිළුමිණ

ඩයලොග් සහ එයාර්ටෙල් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කෙරේ

ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්), ආසිආටා බර්හාඩ් සමූහය (ආසිආටා) සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් (භාරතී එයාර්ටෙල්) (සාමූහිකව එම පාර්ශ්වයන්) ශ්‍රී ලංකාවේ සිය අනුබද්ධිත සමාගම්වල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට එළඹ ඇත. එසේ ඒකාබද්ධ වනු ලබන්නේ භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම සහ ආසිආටා බර්හාඩ් සමූහය අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි.

'ඩයලොග් ආසිආටා සමූහය' යනු ආසිආටා බර්හාඩ් සමූහයේ (ආසිආටා) හි අනුබද්ධ සමාගමක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Quad-Play (ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, බ්රෝඩ්බෑන්ඩ් සහ ටෙලිවිෂන්) සම්පාදකයා ලෙස ද ක්‍රියා කරයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. ශ්‍රී ලංකා ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉතා ශක්තිමත් සන්නාමයක් ලෙසින් පෙරමුණේ සිටී.

ඩයලොග් ආසිආටා සමූහය ශ්‍රී ලංකාවේ දැවැන්තම ඍජු විදේශ ආයෝජකයා වන අතර එම ආයෝජනයන්ගේ වටිනාකම ඇ‍ෙමරිකානු ඩොලර් බිලියන තුනකි.

2009 දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ එයාර්ටෙල් ශ්‍රී ලංකා ග්‍රාහකයින් මිලියනයක් ඉතා ඉක්මණින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. එයාර්ටෙල් ශ්‍රී ලංකා පිරිනමන තාක්ෂණ නවෝත්පාදන සහ සේවා විශිෂ්ටත්වය ශ්‍රී ලාංකේය තාරුණ්‍ය අතර වේගයෙන් ව්‍යාප්ත වී ඇත.

වර්තමානයේදී එයාර්ටෙල් විසින් ශ්‍රී ලංකා‍වේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි එහි අතිනවීන 5G-ready 4G ජාලය ව්‍යාප්ත කර ඇති අතර, උපරිම වටිනාකමක් ලබාදීම සඳහා එහි ජාල ආවරණය අඛණ්ඩව ඉහළ නංවමින් සිටී.

Comments