
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ ඔටුනු පැලඳවීමේ උත්සවයට සහභාගි වීම සඳහා දැනට ලංඩන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ අතර හමුවක් මැයි 5වැනිදා සිදුවිය. එම සාකච්ඡාවේදී දෙරට අතර කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ස්වභාවික විපත් වලට කඩිනමින් මුහුණදීම සහ හමුදා සහයෝගිතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡා කර තිබේ.