දරුවන්ගේ මතක ශක්තිය වඩන ඊසානයේ බලය තහවුරු වෙයි | සිළුමිණ

දරුවන්ගේ මතක ශක්තිය වඩන ඊසානයේ බලය තහවුරු වෙයි

 

 ප්‍රියන්ත දයාරත්න

(සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන දේශක)

අධ්‍යාපනය ලබන වයසේ සිටින දරුවන් නිවසේ ඊසාන දිශාවේ රැඳවීමෙන් ඔවුන්ගේ බුද්ධිමය 'නිම් වළලු' පුළුල් වී අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නට මඟ පෑදෙන බව නවීන වාස්තු විද්‍යා පර්යේෂණයන්ගෙන් හෙළි වී තිබේ.

ඊසානයේ දෝෂ හැකි තරම් අවම කරගෙන කටයුතු කිරීම මඟින් සමස්ත නිවැසියන්ගේම ස්මරණ ශක්තිය උද්දීපනය වීමට හේතු වන බවද එමඟින් හෙළිදරව් වී ඇත.

නිවස තුළට අන්තරීක්ෂ ශක්තිය (Cosmic Energy) ගලා එන්නේ ඊසාන දිශාවෙන් වන නිසා එය නිවැසියන්ගේ ශක්ති ශරීරය බලගැන්වීමට නිරන්තරයෙන්ම හේතු වන බව මතක ශක්තිය වැඩිදියුණු කිරීමට වාස්තු සිද්ධාන්ත යොදාගත හැකි ආකාරය පිළිබඳව දිගුකාලීනව සිදු කළ මෙම පර්යේෂණයන් මඟින් අනාවරණය වී තිබේ.

ශක්ති ශරීරය (Energy Body - Aura) යනු අපගේ ශරීරය වටා එය ඇසුරු කොට පවත්නා ස්වභාවයන් වන අතර එය බලවත් වීම තුළ එහි විශාලත්වය වැඩි වී වියවුල් සහිත ස්වභාවය අඩු වී සමාකාර රටානුගතව සකස් වීම ඔස්සේ මෙම බලය ගොඩනැඟෙන බවද මෙම පර්යේෂණයන් මඟින් තවදුරටත් හෙළි වී ඇත.

Comments