
වෙසක් සමයේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
විහාරස්ථාන , වෙසක් කළාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදු කරන ස්ථාන ආශ්‍රිතව මෙම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
මේ අතර වෙසක් සතිය තුළ ආගමට සංස්කෘතියට හා සදාචාරයට නොගැලපෙන අයුරින් කටයුතු කිරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එවැනි ක්‍රියාවන්ට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටින්නේ ඔළුබක්කන් නැටවීම වැනි ක්‍රියා ද සිදු කිරීමට කිසිසේත් ඉඩනොදෙන බවය
මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නොගැලපෙන නුසුදුසු විවිධ කටයුතු සිදු නොකරන ලෙස ද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටීහ.