Dialog – Meta සහයෝගීතාවෙන් Facebook Text-Only සහ Discover සේවාව | සිළුමිණ

Dialog – Meta සහයෝගීතාවෙන් Facebook Text-Only සහ Discover සේවාව

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිදු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක Text Version වශයෙන් Facebook භාවිත කිරීමේ අවස්ථාව සලසා දී ඇත.

ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනය, ටැබ් එක හෝ ලැප්ටොප් එක යනාදී ස්මාර්ට් උපාංගවල ඩේටා නොමැති අවස්ථාවක පවා Facebook භාවිත කරමින් විශේෂ වැදගත්කමකින් යුත් තොරතුරු බලාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය ඩයලොග් පාරිභෝගිකයකුට සිය Facebook App එකෙන්ම text-only mode සහ Facebook හි සම්පූර්ණ version එක (Data mode) අතර ඉතා පහසුවෙන් මාරුවිය හැකිය. Discover මොබයිල් වෙබ් සේවාව සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා ඩයලොග් පාරිභෝගිකයකුට ප්‍රමාණවත් ඩේටා ශේෂයක් නොමැති අවස්ථාවක පවා තමන් කැමති වෙබ් අඩවියකට ප්‍රවේශ විය හැකිය.

 

Comments