
ජංගම දුරකතනයක් අතේ නැති කෙනෙක් අද දකින්න නැති තරම්. ජංගම දුරකතනයක් අතේ තියාගෙන ඔබ ඔබ ඉන්න මිනිස්සු තමයි බලන බලන හැම තැනකම ඉන්නෙ. අපි අපේ පවුලේ අයටත් වඩා වැඩියෙන් දුරකතනයත් එක්ක Bound up වෙනවා වැඩි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම අද වෙනකොට අපිට දුරකතනයෙන් ගැලවෙන්න බැරි තරම් අපේ ජීවිත දුරකථනය එක්ක බැඳිලා. අද සමාජයේ දැන් තියෙන තාක්ෂණයත් එක්ක ගමනක් යන්න වාහනයක් book කරන්නෙත්, කෑමක් ගේන්න ගන්නෙත් , Bill ගෙවන්නෙත් smartphone එකෙන් වෙන තරමටම මේ තත්ත්වය ව්‍යාප්ත වෙලා . ඇත්තෙන්ම කිවුවොත් මේක දරුණු වයිරසයක් වගේ තමයි. ඉතිම් මේ විදියට දුරකතනය අපේ ජීවිතේට වැදගත් වෙනවා වගේම අපේ ජීවිතයට හානි වෙන අවස්ථාත් තියෙන බව අප තේරුම් ගත යුතුයි.
හොඳ හිතින් කතාබහ කරන්න
සාමාන්‍යයෙන් අපි හොඳ හිතින් කතා කරන්න කියන්නේ තරහා ගියහමනේ. මේ කියන්නේ ඒ හොඳ හිතින් කතා කරන්න කියන එක ගැන නම් නෙමෙයි . ඔයාට දැනෙනවා නම් එයා ඔයාට වඩා අවධානයක් ජංගම දුරකතනයට දෙනවා කියලා, එහෙමත් නැත්නම් එයා ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා කියලා, එයා එක්ක ඒ ගැන කතා කරන්න. හැබැයි තරහින් නම් නෙමෙයි. මේ කතාව බොහොම සාමකාමිව කරන්න උත්සාහ කරන්න. නැත්නම් හිත් රිදීම් ඇතිවෙලා මේ ප්‍රශ්නයට ඔයාට නිවැරැදි පිළිතුරක් හොයාගන්න බැරි වෙයි.
phone එක off කරනවාද ආදරේ off කරනවද?
ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් ජංගම දුරකතනයට තදින්ම ඇබ්බැහි වෙලා නම් ඒ ගැන ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඔයා ගොඩක් කාර්යබහුල රස්සාවක් කරනවා නම් ඔයාට පුළුවන් වෙන්න ඕන එයා හමුවෙන වෙලාවට ඔයාට එන දුරකතන ඇමතුම්වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. නැත්නම් සමහර විට අනිත් කෙනාට තේරුම් යන්න පුළුවන් ඔයා එයා කෙරෙහි තියෙන අවධානය අඩු වෙලා කියලා. ඒකෙන් එයාගේ හිතත් රිදෙනවනේ. ඒක හරිම සාධාරණයි. එයා හරිම ආදරෙන් ඔයාව හමු වෙන්න බලාගෙන ඉඳලා එහෙම ආපු දවසටත් ඔයා කන්තෝරුවේ වැඩත් එක්ක ඉන්නවා නම් එයාට එපා වෙනවා. නැත්නම් නිතරම දුරකතන ඇමතුම් එක්ක හරි මැසේජ් කර කර හරි ඉන්නවා නම් එයාට ඔයා ගැන සැක හිතෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම වෙලාවට ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරලා තියන්න උපරිම උත්සාහ කරන්න. එයා වෙතම ඔයාගේ අවධානය යොමු කරන්න. එවිට ඉබේටම ආදරේ වැඩි වෙනවා.
ජංගම දුරකතනය නිසා ඇති වන රණ්ඩු
වයස අවුරුදු 18 – 24 පිරිස් දිනකට 47 – 82 වාරයක් තමන්ගේ ජංගම දුරකතනය දිහා බලාගෙන ඉන්නවා කියලා නවතම සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි කාන්තාවන්ගෙන් 70% හිතනවාලු ජංගම දුරකතනය එයත් එක්ක තියෙන බැඳීමට ලොකු හානියක් කරනවා කියලා. විශේෂයෙන්ම එයයි ඔයයි ගොඩක් වැදගත් දෙයක් ගැන කතා කර කර ඉන්න වෙලාවට එයා හරි ඔයා හරි ෆෝන් එකට වැඩි අවධානයක් දෙනවා නම් අනික් කෙනාට කේන්ති එන එක සාධාරණයිනේ.
දුරකතන ආචාරධර්ම පිළිපදින්න
ඔයාලා දෙන්නා එකට ඉන්න වෙලාවට ඔයාට හදිසියේ යවන්න ඕන message එකක් හදිස්සියේ අමතක වෙලා යවන්න බැරි වුණා නම්, එයාට ඒ ගැන කියලා ඉක්මනට ඒක send කරන්න තත්පරයක් ඉල්ල ගන්න. එතකොට ඔයා ඒ වෙලාවේ ජංගම දුරකතනය අතට ගන්න එක ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ.
ජංගම දුරකතනය භාවිත නොකළ යුතු තැන් වෙන් කරන්න
දෙදෙනා එකගතාවයෙන් ගේ ඇතුළේ දී Mobile phones පාවිච්චි කරන්න තහනම් ස්ථානයක් හෝ කිහිපයක් වෙන් කරගන්න. ඒකට දෙදෙනාගේම එකඟතාව ගොඩක් වැදගත්. ඒ ස්ථානය living room, Bedroom, kitchen කියන ඕනෙම තැනක් වෙන්න පුළුවන්.
අන්තර්ජාලය ඇසුරෙනි