
- මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මකයි
- වර්ගීකරණය භාණ්ඩ 05ක් යටතේ
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන්ට දැනට ලබා දෙන තීරුබදු සහනයට අමතරව ඇමරිකන් ඩොලර් 4,800ක් දක්වා වන අතිරේක තීරු බදු සහනයක් ලබාදීමට කටයුතු කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිළුමිණට කීය.
විශේෂ විගමනික ශ්‍රමික පැකේජයක් ලෙස හිමිවන මේ තීරු බදු සහනය මැයි මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන අතර ඊට වසරක් තුළදී ඇමරිකන් ඩොලර් 2400ක් හෝ ඊට වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති සියලු ශ්‍රී ලාංකිකයන් අයත් වනු ඇත. ඒ අනුව 2022 වසරේ මැයි මාසයේ සිට බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලද සියලු ශ්‍රමිකයන්ට මේ අවස්ථාව උදාවනු ඇත.
මේ දක්වා ශ්‍රී ලාංකික විදෙස් ගත ශ්‍රමිකයන්ට හිමි වූ විශාලතම වරප්‍රසාදය වන මෙය කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණය කර ඇත. අදාළ කාණ්ඩ සිල්වර්, සිල්වර් +, ගෝල්ඩ්, ගෝල්ඩ් +, හා ප්ලැටිනම් ලෙස නම් කර තිබේ.
ඒ යටතේ වසරක හෝ අඩු කාලයකදී ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සිල්වර් කාණ්ඩයට අයත් වන අතර
මේ දක්වා ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමි වූ විශාලතම වරප්‍රසාදය වන මෙය කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණය කර ඇත. අදාළ කාණ්ඩ සිල්වර්, සිල්වර් +, ගෝල්ඩ්, ගෝල්ඩ් +, හා ප්ලැටිනම් ලෙස නම් කර තිබේ.
ඒ යටතේ වසරක හෝ අඩු කාලයකදී ඇමරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සිල්වර් කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ට දැනට ලබා දෙන තීරුබදු සහනයට වඩා අතිරේකව ඇමරිකන් ඩොලර් 600 ක සහනයක් හිමිවනු ඇත.
එමෙන්ම අදාළ කාලය තුළ ඩොලර් 4800 - 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් සිල්වර් + කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ට අතිරේකව ඇමරිකන් ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකිවේ. වසරකට ඩොලර් 7,200 - 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින් ගැනෙන්නේ ගෝල්ඩ් කාණ්ඩයට වන අතර ඔවුන්ට අතිරේකව ඩොලර් 1,440ක තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 12,000 - 23,999 අතර ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇති විදේශගත ශ්‍රමිකයින් ගැනෙන්නේ ගෝල්ඩ්+ කාණ්ඩයට වන අතර ඔවුන්ට ඩොලර් 2,400 ක සහනයක් ලබාගැනීමට හැකිය.
වසරකට ඇමරිතක් ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින් ප්ලැටිනම් කාණ්ඩයට ගැනෙන අතර ඔවුන්ට අතිරේකව ඩොලර් 4,800 ක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකිය.
මීට අමතරව මේ අයට පෙර හිමිව තිබූ තීරු බදු සහනයද හිමිවනු ඇත. ඒ යටතේ දින 90කට අඩු කාලයකදී නම් ඇමරිකන් ඩොලර් 187.5ක්ද දින 90 සිට දින 365ක් දක්වා නම් ඇමරිකන් ඩොලර් 625ක් හා දින 365ට වැඩිනම් ඇමරිකන් ඩොලර් 1750ක සහනයක්ද හිමිවනු ඇත. ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකුට වුව ද මෙම අතිරේක තීරු බදු රහිත දීමනාව ලබා ගැනීමට හැකියාව තිබේ.