
මෙවරද මැයි දින හා මැයි රැලි රැසක් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වේ. “අභියෝග බිඳ අභිලාෂ ජයගමු” තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල් පිටියේදී සවස 2.00ට ආරම්භ වන අතර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙ.ව 9.00ට පැවැත්වේ.
“වැඩ බිමෙන් අරඹෙන මව්බිමේ අරගලය” තේමාව ඔස්සේ සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාළිය කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයෙන් ප.ව 1.00ට ආරම්භ කර කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රිඩාංගන පරිශ්‍රයේදී පැවැත්වේ. ජාතික ජනබලවේගයේ රතු මැයි රැලිය රට විකුණන ජනපීඩක දූෂිත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩනගමු” තේමාවෙන් කොළඹ බී.ආර්.සී. පිටියෙන් ප.ව 02.00ට පෙළපාළිය ආරම්භ කර සවස 04.00ට විහාර මහා දේවී උද්‍යානය අසලදී පවත්වනු ඇත.
මීට අමතරව උත්තර ලංකා සභාගයේ මැයි දින සැමරුම කොළඹ හයිඩ්පාක් පිටියේදී පස්වරු 3.00ට ආරම්භ කෙරෙන අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින සැමරුම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පස්වරු 3.00ට පැවැත්වේ. මීට අමතරව මහජන පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් එක්ව සිදු කරන මැයි දින සැමරුම බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වනු ඇත. ඊට අමතරව විවිධ පක්ෂ හා සංවිධාන විසින් දිවයින පුරා විවිධ මැයි දින රැස්විම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.