පාරිසරික වාර්තාකරණය පිළිබඳ ජනපති සම්මානයක් සුභාෂිණීට | Page 3 | සිළුමිණ

පාරිසරික වාර්තාකරණය පිළිබඳ ජනපති සම්මානයක් සුභාෂිණීට

පාරිසරික මාධ්‍ය මෙහෙවර උදෙසා ඉකුත් 2021 හා 22 දෙවසර තුළ මුද්‍රිත සිංහල මාධ්‍ය සඳහා පිරිනැමෙන ජනාධිපති පාරිසරික රිදී සම්මානය සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ සුභාෂිණි ජයරත්න හිමිකර ගැනීමට සමත් විය. එම සම්මානය පරිසර ඇමැති නසීර් අහමඩ් විසින් පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වෙයි. ඡායාරූපය - චින්තක කුමාරසිංහ

හරිත ශ්‍රී ලංකාවක් උදෙසා කැපවූ පරිසර සංරක්ෂණයට විශිෂ්ට මෙහෙවරක් කළ කර්මාන්ත, ව්‍යාපෘති, පුද්ගලයින් , මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍ර අළලා මෙම සම්මාන ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙයවීමෙන් අප්‍රේල් 28 වැනි සිකුරාදා පැවැත්වූයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. මෙවර විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් සිංහල, ද්‍රවිඩ හා ඉංග්‍රීසි අංශ සඳහා ජනාධිපති සම්මාන 9 ක් පිරිනැමිණි. කොළඹ සරසවියේ උපාධිධාරිනියක වූ සුභාෂිණි ජයරත්න වෘත්තීය මාධ්‍යවේදිනියක වශයෙන් වසර 25 ක සිට කටයුතු කරයි. එමෙන්ම ඉකුත් 2020 හා 2021 යන වසර දෙකේදීම ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිසරික පුවත්පත් කලාවේදියා ලෙස සම්මාන හිමිවූයේ ඇයටය.

 

Comments