ශ්‍රී ලංකාව වැනි රටවල දරිද්‍රතාවය තුරන් කිරීමට "ජාල අලෙවිකරණය" සිදු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයකු වන ආචාර්ය සරත් රණතුංග පවසයි.
සංවර්ධිත රටවල් දැනටමත් ජාල අලෙවිකරණය ක්‍රියාත්මක බවත් ඒ අනුව සමාජයේ ආර්ථිකය හැසිරවීම සාර්ථකව සිදු කළ හැකි බවත් ආර්ථිකයේ උන්නතියට සෘජුව හෝ වක්‍රව එය බලපානු ලබන බවත් ඔහු පවසයි. එමඟින් තරුණ ව්‍යවසායන්ට දේශීය නිෂ්පාදන සිදු කිරීමටත්, ඒවා සඳහා ස්ථාවර මිලක් ලබා ගැනීමටත්, අන්තර්ජාල අලෙවිකරණය හරහා දේශීය හා විදේශීය භාණ්ඩ අලෙවි කිරීමටත් හැකියාව ලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.
ඒ හරහා මෙරටට ඩොලර් සංචිත ගලා ඒම වැඩි වන බවද ආචාර්ය රණතුංග පවසයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල අලෙවිකරණය සඳහා නිසි නීතිමය ප්‍රතිපාදන නොමැතිකම සහ ඒවා නියාමනය කිරීමක් නොවීමත් කනගාටුවට කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.
සේවකයා, සේවකයකුව සිටියදීම ව්‍යවසායකයකු බවට පත් කිරීම ජාල අලෙවිකරණයේ මූලික සිද්ධාන්තය බවත් එය වර්ධනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් ඔහු පවසයි.